අනුරාධපුරයෙන් අතුරුදන් වූ 15 හැවිරිදි සිසුවිය දින 14කට පසු කළුතර දී හමුවෙයි

Monday, 21 August 2017 - 10:10

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+15+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+14%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පෞද්ගලික උපකාරක පන්තියකට යන අතරතුරදී අතුරුදන්වූ බව කියූ අනුරාධපුර පාලාඩිකුලම ප්‍රදේශයේ පහළොස්‌ හැවිරිදි පාසල් ශිෂ්‍යාව දකුණු කළුතර හම්බෙගෙදර ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

ඒ, අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයේ ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින්.

ඉකුත් 02 වැනිදා මෙම බාලවයස්කාර දැරිය අතුරුදන් වූ බවට පැමිණිල්ලක් ලැබී තිබුනා.

සිසුවිය සිය මවට ලිපියක්‌ ලියා නිවසේ තබා පිටව ගොස්‌ තිබු බවටද පොලිස් පරීක්ෂණවල දී හෙළි වුනා.

එහෙත් සිසුවිය නිවසින් පිටව යාම පිළිබඳව පැමිණිල්ල ඉදිරිපත් කළ ඇගේ මව ඒ බව පොලිසියට වසන් කර ඇති බවටද විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

ඇයව සොයාගෙන ඇත්තේ දකුණු කළුතර හම්බෙගෙදර ප්‍රදේශයේ පදිංචි විසි හය හැවිරිදි පෙම්වතාගේ නිවසේ සිටියදී.

සිසුවිය අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇගේ මව විසින් අනුරාධපුර පොලිසියට කළ පැමිණිල්ලක්‌ මත පොලිසිය අධිකරණ නියෝග මත දුරකථන සමාගමකින් ලබාගත් දුරකථන විශ්ලේෂණ වාර්තාවක්‌ මත විමර්ශන සිදු කළා.

පොලිසිය සිසුවිය, ඇගේ පෙම්වතා ඔහුගේ මව සහ සහෝදරියක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය එම සිසුවිය සොයා ගන්නා අවස්‌ථාව වනවිටත් ඇය සිය පෙම්වතා සමඟ අඹු සැමියන් ලෙස ජීවත්ව සිට ඇති බවද අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සිසුවිය, ඇගේ පෙම්වතා, ඔහුගේ මව සහ සහෝදරිය පොලිසිය විසින් පෙරේදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙම්වතා සහ ඔහුගේ මව මේ මස 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුනා.

උසස්‌ අධ්‍යාපනය ලබන සැකකරුගේ සහෝදරියක වන විසිහත් හැවිරිදි තරුණිය රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක්‌ මත මුදා හැරුනා.

මේ අතර අපයෝජනයට ලක්‌වූ සිසුවිය පරිවාස හා ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ අනුරාධපුර සාලියපුර පිහිටි කාන්තා ළමා රැඳවුම් මධ්‍යස්‌ථානයේ රඳවා තැබීමට අධිකරණය නියෝග කළා.

නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස්‌ බාල වයස්‌කාර ගැහැනු දරුවෙකු දූෂණය කිරීමේ චෝදනාව පෙම්වතාට එල්ල වී තිබෙනවා.

එම චෝදනාවට මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ අනුරාධපුර බැංකු පෙදෙසේ පිහිටි පෞද්ගලික නවාතැන් පළක සේවයෙහි නියුතුව සිටි දකුණු කළුතර හම්බෙගෙදර පදිංචි විසිහය හැවිරිදි වංශපුර ආරච්චිගේ චමින්ද ළහිරු විඡේසිංහ නමැති තරුණයෙක්.

සිද්ධියට අනුබලදීමේ චෝදනාව යටතේ ඔහුගේ මව වන පනස්‌ හැවිරිදි නාවල ගෙදර අනෝමා ද රිමාන්ඩ් භාරයට පත් කළා.

තම දියණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වමින් සිටින අතරතුර පොලිසිය ඒ සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක්‌ නොපවත්වන බවට චෝදනා කරමින් සිසුවියගේ ඥතීන් පොලිස්‌පතිවරයාටද පැමිණිලි කර තිබුනේ දියණිය ලිපියක් ලියා තබාගොස් ඇති බව වසන් කිරීමෙන් වන නිසා මේ පිළිබඳව අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සංජීව මහානාමගේ උපදෙස්‌ මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති කාන්තා පොලිස්‌ පරීක්‍ෂිකා යමුනා කාන්ති ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණපවත්වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories