මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් පොළොන්නරුවේදී අත්අඩංගුවට

Tuesday, 22 August 2017 - 9:55

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පොළොන්නරුව ප්‍රදේශයේ තවත් නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු වන "ඇම්ඩා" නමැති අනුවර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 430ක් ද සමඟ  අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිස් දිසා දූෂණ මර්දන ඒකකය පවසනවා.

පාසල් සිසුන් සහ තරුණයින් ඉලක්ක කරගනිමින් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය බෙදූ මෙම පුද්ගලයා පසුගිය 19 දා පස්වරුවේ පොළොන්නරුව, දෙකේ ඇල ප්‍රදේශයේ දීයි මෙසේ අතඅඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු කලක් තිස්සේ මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ගෙන කුඩු ස්ථාන ගත කරන බවත් ක්‍රීඩා පිට්ටනි ආශ්‍රිතව වැඩිපුරම මොහු ගැවසෙන බවත් පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත් මේ වනවිට පොළොන්නරුව ප්‍රදේශයේ කුඩු ජාවාරමට සම්බන්ධ ජාවාරම්කරුවන් දෙදෙනෙකු සතියක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි  පොලිසිය පවසන්නේ.

බැදිවැව සුද්දා සහ නව නගරය ඇම්ඩා එම ජාවාරම්කරුවන් දෙදෙනායි.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත බාර නියෝජ්‍ය පොලිස්ප්ති එල්.පී.එස්.පී.සදුන්ගහවත්තගේ උපදෙස් පරිදි හා පොළොන්නරුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි ලක්සිරි විජේසේනගේ මෙහෙයවීමෙන් දිසා දූෂණ මර්දන ඒකකය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories