අනුරාධපුර - නාවක්කුලම වැවේ තවත් ක්ලේමෝ බෝම්බයක්

Tuesday, 22 August 2017 - 13:19

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+-+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%B8%E0%B7%9D+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අනුරාධපුර දිස්ත්‍රිකයේ මොරගොඩ පොලිස් බල ප්‍රදේශයේ නවක්කුලම ගම්මානයේ, නවක්කුලම වැවේ තිබි ක්ලේමෝ බොම්බ දෙකක් හමුවී තිබෙනවා.

මේ දිනවල නියන් සහනාධාර වැඩ පවතින අතර නවක්කුලම නියන් සහනාධාර හිමි ජනයාට නියන් සහනාධාර වැඩ කොටස හිමිව ඇත්තේ තම ගම්මානයේ වැවේහි ඇති පාසි වර්ග ඉවත් කිරිමටයි.

ඒහි තම තමන්ට හිමි  වැඩ කොටස් මේ දින කිපය පුරාම නවක්කුලම වැවේහි සිදුකල අතර පසුගිය 19 වැනිදා වැඩ කරමින් සිටියදී  වැවෙහි නාන මංකඩයක් අසල තිබි ක්ලේමෝ බොම්බයක් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එය පොලිසියට භාර දීමට කටයුතු කොට ඇති අතර එය දිරාපත්ව තිබූ බව පොලිසිය සදහන් කරනවා.

අද (22) දින උදෑසන කාලයේද වැවෙහි වැඩ කරමින් සිටියේදී ජනයාට පාසි අතර තිබි තවත් ක්ලේමෝ බොම්බයක් හමුව තිබෙනවා.

බැලු බැල්මට එහි පැරණි බවක් නොමැති බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.

එය මෑත කාලයේ සැඟවූවකද යන්න ප්‍රදේශවාසීන් සැකකරනවා.

මේ පිළිබඳව මොරගොඩ පොලිස් ස්ථානයට දැනුම් දීමට ජනයා කටයුතු කර ඇති අතර පොලිස් ස්ථානයේ නිළධාරින් එම ස්ථානයට ආරක්ෂාව යොදවා තිබුණා.

ක්ලේමෝ බොම්බය සම්බන්ධයෙන් කැකිරාව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරැව කැකිරාව මමහේස්ත්‍රාත් අධිකරණ නියෝගය වූයේ එය නිශ්ක්‍රීය කිරිමටයි.

ඒ අනුව අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්  එය නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබුණා.

ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ තවත් ක්ලේමෝ බොම්බ හෝ වෙනත් පුපුරන ද්‍රව්‍ය  තම වැවේ ඇද්දැයි පරික්ෂා කර වැව පිරිසිදු කර දෙන ලෙසටයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories