රසායන විද්‍යා අත්පත්‍රිකාවට අත්අඩංගුවට ගත් තුන්දෙනා රිමාන්ඩ්

Tuesday, 22 August 2017 - 16:10

%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්ණ පත්‍රයට අදාළ අත් පත්‍රිකා බෙදා හැරීමේ සිද්ධියට අදාළ ටියුෂන් ගුරුවරයාගේ පියා සහ සහෝදරයා ඇතුලු සැකකරුවන් තුන්දෙනා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.

ගම්පහ ප්‍රදේශයේ බාලිකා පාසලක් ඉදිරිපිට මාර්ගයේදී විභාගය අවසන් කර පැමිණෙන සිසුන් වෙත සැකකරුවන් අදාළ අත් පත්‍රිකා බෙදා දී තිබුනා.

සැකකරුවන් අතර සිද්ධියට අදාළ ටියුෂන් ගුරුවරයාගේ පියා සහ සහෝදරයා මෙන්ම අත් පත්‍රිකා යතුරුලියනය කරන ලද මුද්‍රණාලයක හිමිකරු ද වනවා.

මේ අතර මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

සැකකාර ගුරුවරයා මේවන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා විමර්ශණ ක්‍රියාත්මකයි.

සැකකාර පියා සහ සොහොයුරා ලබන 30 වනදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසයි ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ අද වැඩිදුරටත් නියෝග කර ඇත්තේ. 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories