විද්‍යා දැරියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති යළි රිමාන්ඩ්

Tuesday, 22 August 2017 - 16:25

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේදි සමුහ දුෂණය කර ඝාතනය කළ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුට පළායාමට උපකාර කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් උතුරු පළාත් භාර හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ  සැප්තැම්බර් 04  වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්.රියාල් අද(22) නියෝග කරනු ලැබුවා.

ඒ, සිද්ධියට අදාළ සැකකාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා අද කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ.

විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේදි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ලබාදුන් සාක්ෂි පදනම් කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත්තා.

විද්‍ය දැරියගේ ඝාතන සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් නමැත්තා වෙත ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සදහන් කරමින් සැකකරු මුදා හැරීමට ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් දුන් බැවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ඉදිරිපත් වුනා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories