සෞදි සිටින සැමියා ගෙන දෙන්නැයි බිරිදක් ඉල්ලයි

Tuesday, 22 August 2017 - 19:07

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
හෘද රෝගයකින් පීඩා විඳින සිය පුතුට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් සෞදි අරාබියේ රැකියාවට ගොස් නඩු කටයුත්තක් හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටින පියෙකු පිළිබඳව තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

2013 වසරේදී විදේශගත වී මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මිණිපේ - අඹගහපැලැස්ස ප්‍රදේශයේ පදිංචි ඩී.එම්.ජයරත්න නැමැති දෙදරු පියෙක්.

බර වාහන රියදුරෙකු ලෙස රැකියාවේ නිරත වී ඇති ඔහු විදෙස්ගත වී මාස කිහිපයකට පසු රිය අනතුරකට ලක්වීමෙන් අනතුරුව යළි දිවයිනට පැමිණ ඇති අතර, නැවත සෞදි අරාබියට ගොස් ඇත්තේ වැටුප් වර්ධක සහ හිඟ වැටුප් ලබාදෙන බවට ඔහු සේවය කළ ආයතනයෙන් කළ දැනුම්දීමකට අනුවයි.

එහෙත් අදාළ අනතුර සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට එරට අධිකරණය විසින් රුපියල් ලක්ෂ 25 ක වන්දියක් ගෙවන ලෙස නියෝග කර ඇති අතර, එසේ නොගෙවන්නේ නම් ජීවිතාන්තය දක්වා සිරගත කරන බව දැනුම්දී ඇතැයි ජයරත්නගේ බිරිද පවසනවා.

මේ වනවිට ඔහු අධික රුධිර පීඩනය හේතුවෙන් සෞදි අරාබියේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන්නේ මිතුරන්ගේ සහය ඇතිවයි.

කඩිනමින් තම ස්වාමි පුරුෂයා දිවයිනට ගෙන්වා දෙන ලෙසයි ඩී.එම්.ජයරත්නගේ බිරිඳ ඉල්ලා සිටින්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories