විස්ස උතුරු මැදින් සම්මතයි - ඒකාබද්ධයේ මන්ත්‍රීවරයෙකු ජනපති හමුවෙයි

Tuesday, 22 August 2017 - 19:32

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පලාත් සභා මැතිවරණය එකම දිනයකදි පැවත්වීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද (22) උතුරු මැද පළාත් සභාවේ අනුමැතිය හිමි වුණා.

ජනාධිපතිවරයා විසින් පළාත් ආණ්ඩුකාර පී.බී.දිසානායක වෙත එවා තිබු මෙම කෙටුම්පත මහ ඇමති පේෂල ජයරත්න විසින් සභාවට ඉදිරිපත් කල අවස්ථාවේදී විපක්ෂ නායක අනිල් රත්නායක ඊට එකගතාවය ලබා දිය යුතු බවට ප්‍රකාශ කිරිමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළකල බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

එහිදී ඔවුන් කියා සිටියේ අද දිනයේ මෙම කෙටුම්පත තමන්ට ලැබුණු නිසා එය අධ්‍යනය කිරීමට කාලය අවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, පසුව පළාත් සභාවේ සභාපති ඞී.එම්.අමරතුංග කෙටුම්පත සම්බන්ධයෙන් ජන්ද විමසීමක් පැවැත්වූ අතර ඊට පක්ෂව ඡන්ද 15ක් හිමිවූ අතර විපක්ෂව ලැබුනේ ජන්ද 13ක් පමණයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අත් ඔසවමින් පනත් කෙටුම්පතට විරෝධය පළ කල අතර, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග ප්‍රධාන අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කෙටුම්පතට පක්ෂව ඡුන්දය භාවිතා කළා.

එමෙන්ම මේ දක්වා ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කල පලාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහද කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිතා කිරීම විශේෂත්වයක්. ඔහු අද ජනාධිපතිවරයා හමුවී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වැඩපිළිවෙලට සහයෝගය ද පළ කර තිබුණා.

මේ අතර, මාර්තු 12 ව්‍යාපාරය විසින් කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවකදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පළාත් සභා මැතිවරණය කල් දැමීමට ගෙන ඇති තීරණය පිළිබදව අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ සාධාරණ කාලයක් තුළ මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකළහොත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories