රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැටළුවට උසස් පෙළ සිසුවෙකු අත්අඩංගුවේ

Wednesday, 23 August 2017 - 14:57

%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A
තාක්ෂණික මෙවලමක් ආධාරයෙන් උසස් පෙල විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටකළ බවට සැකපිට උසස් පෙළ සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගම්පහදී රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් අත් පත්‍රිකාවක් බෙදාහැරීම පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළවයි.

සිද්ධියට අදාළ අත්පත්‍රිකාව විභාගය පැවැත්වෙන අතරතුරදී මුද්‍රණය කර තිබූ අතර, සැකකාර සිසුවා විභාගය අතරතුර එය තාක්ෂනික මෙවලමක් ආධාරයෙන් පිටකර ඇති බවට සැක කෙරෙනවා.

උසස්‌ පෙළ රසායන විද්‍යාව  ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක්‌ මුද්‍රණය කර බෙදා හැරීමේ සිද්ධිය පිටුපස වෛද්‍යවරයකු සහ ඔහුගේ පුත්‍රයා සිටිනා බවට පොලිසිය ට ලැබුන තොරතුරක් මත ඒ බව තහවුරු කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විමර්ශන භාර දී ඇතැයි වාර්තා වුණා.

පොලිසියට ලැබී ඇති තොරතුරුවල මුදල් ගනුදෙනුවක් පිළිබඳ ද සඳහන් වන බවයි වාර්තා වන්නේ.

ලැබී ඇති තොරතුරු අනුව අදාළ වෛද්‍යවරයා උපකාරක පංති ගුරුවරයාට පවසා ඇත්තේ තම පුත්‍රයාට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීමට උපකාර කරන ලෙසයි.

ඒ සඳහා රුපියල් දස ලක්‍ෂයක මුදලක්‌ ලබාදී ඇති බවද සඳහන්.

එම මුදල් ලබා ගත් උපකාරක පන්ති ගුරුවරයා උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි එම පුත්‍රයාට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීමට උපකාර
කිරීමට එකඟ වී තිබෙනවා.

ඒ අනුවයි  පිළිතුරු ලබා ගැනීම සඳහා වෛද්‍යවරයාගේ පුත්‍රයා විභාගය ලියන අතරතුරේ ජංගම දුරකථනයක්‌ මාර්ගයෙන් අදාළ ප්‍රශ්න උපකාරක ගුරුවරයාගේ ජංගම දුරකථනයට එවා ඇත්තේ.

උපකාරක පංති ගුරුවරයා කර ඇත්තේ එම ශිෂ්‍යයාට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී පසුව එම ප්‍රශ්න තුන පත්‍රිකාවක මුද්‍රණය කිරීමයි.

අනතුරුව සුළු වෙලාවක් ඇතුලත ගම්පහ නගරයේ ප්‍රධාන පාසල් සහ උපකාරක පංති පැවැත්වෙන ස්‌ථානවල එම මුද්‍රණය කළ පත්‍රිකාව බෙදාහැර ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.

වෛද්‍යවරයාගෙන්, උපකාරක පංති ගුරුවරයා  ලබාගත් බවට සැක කරන රු දස ලක්‍ෂයක මුදලින්, රුපියල් නව ලක්‍ෂ අනූ දහසක්‌ එම ගුරුවරයාගේ කඳානේ නිවසේ තිබී පොලිසිය සොයාගෙන ඇතැයි ද සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories