උතුරු පළාත් නව අමාත්‍යවරුන් දිවුරුම් දෙයි (ඡායාරූප)

Wednesday, 23 August 2017 - 15:18

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
උතුරු පළාත් නව අමාත්‍යවරුන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ඉදිරියේදී අද(23) සවස උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී දිවුරුම්දෙනු ලැබුවා.

උතුරු පළාතේ මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, ග්‍රාම සංවර්ධන, මාර්ග සංවර්ධන, මෝටර් රථ ප්‍රවාහන හා ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් සි.වි. විග්නේෂ්වරන් ද,

උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමූපකාර, ආහාර සැපයුම් හා බෙදා හැරීම්, කර්මාන්ත සහ ව්‍යවසාය ප්‍රවර්ධන, වෙළඳ හා වාණිජ අමාත්‍යවරිය වශයෙන් අනන්දි ශෂිධරන් ද,

උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යවරයා වශයෙන් වෛද්‍ය ආචාර්ය ඥානසීලන් ගුණසීලන් ද,

උතුරු පළාත් කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ත්ව පාලන, වාරිමාර්ග, ධීවර, ජල සම්පත් හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කන්දයියා සිවනේෂන් ද, මෙහිදී දිවුරුම්දෙනු ලැබුවා.

වැඩසටහන් අවස්ථාවට උතුරු පළාත් සභා නියෝජිතයින් පිරිසක්, උතුරු පළාත් ආණ්ඩුකාර එන්.ඉලන්ගෝවන් ඇතුළු පිරිසක්ද සහභාගි වී සිටියා.



වව්නියාව - මාධව කුලසූරිය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories