Hirunews Logo
%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 24 August 2017 - 8:50
දහස් ගණනක් ෆේස්බුක් ගිණුම් වලට පිවිසිය නොහැකි වෙයි
11,022

Views
ඊයේ උදෑසන සිදුවූ අන්තර්ජාල ගැටළුවක් හේතුවෙන් එංගලන්තයේ දහස් ගණනකට ආසන්න Facebook ගිණුම් හිමියන්ට තම ගිණුම් වෙත පිවිසීමට නොහැකි වූවා.

ඒ අනුව එංගලන්තයේ ප්‍රදේශ කිහිපයකින්ම මෙම තත්වය වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අන්තර්ජාලයේ කේතයන්හි ඇතිවූ ගැටළුවක් මෙම තත්වයට හේතුවී ඇති බවයි පසුව අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් ඇතමුන් පෙන්වා දී තිබුනේ මෙය Facebook App සිදුවූ දෝෂයක් බවයි.

මේ හේතුවෙන් අදාළ තත්වයට මුහුණදුන් Facebook ගිණුම් හිමියන්ගෙන් සියයට 53 කට තම ගිණුම් කෙසේවත් නොපෙන්වූ බවයි එහි දැක්වෙන්නේ.

ඒ අතරින් සියයට 37 ක්වූ Facebook ගිණුම් හිමියන්ට තම ගිණුමට ඇතුල්වීමට නොහැකි වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

මෙම තත්වයට පරිඝණක ඔස්සේ  Facebook වෙත පිවිසීමට උත්සහ කළ ගිණුම් හිමියන්ට මෙන්ම ජංගම දුරකථනය ඔස්සේ තම ගිණුම් වෙත පිවිසීමට උත්සහ කළ පිරිසටද මුහුණදීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් Facebook ආයතනය ප්‍රකාශ කර ඇත්තේ අදාළ ගැටලුව නිරාකරණය කිරීමට ඔවුන් සමත් වූ බවයි.

ඒ අනුව අදාළ ගැටලුව අන්තර්ජාල කේතයන්හි ඇතිවූ බවයි ඔවුන්ද සඳහන් කර ඇත්තේ.

එම තත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පිරිස් වෙත කණගාටුව පළකරමින් Facebook ආයතනය එම නිවේදනය නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ගැටලුව ඇතිවූ අවස්ථාවේ Incognito mode ඔස්සේ  Facebook ගිණුම් හිමියන්ට තම ගිණුම් වෙත පිවිසීමට හැකිවූ බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
475 Views
296 Views
5,390 Views
3,891 Views
5 Views
13,345 Views
Top