බෝක්කුවක සිර වී පාසල් සිසුවෙක් මියයයි (ඡායාරූප)

Thursday, 24 August 2017 - 11:14

%E0%B6%B6%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නොච්චියාගම බෝතලයාගම ප්‍රදේශයේ හල්මිල්කුලම වැවෙහි දිය නෑමට ගිය දහ තුන් හැවිරිදි සිසුවෙකු ජලය ගලායන බෝක්කුවක සිර වී මියගොස් ඇතැයි නොච්චියාගම පොලිසිය පවසනවා.

ඉකුත් 22 වැනිදා සවස වූ මෙම සිද්ධියෙන් මියගොස් තිබෙන්නේ නොච්චියාගම කරඹෑව ප්‍රදේශයේ පදිංචි චානක සඳරුවන් නමැති සිසුවෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

එම සිසුවා පහළ හල්මිල්ලෑව ශ්‍රී දුටුගැමුණු  විද්‍යාලයේ ඉගෙනුම ලැබ ඇති බව සඳහන්.

මේ දිනවල පවතින නියං තත්ත්වයත් සමග හල්මිල්කුලම වැවෙහි ජල මට්ටම පහළ ගොස් ඇති බවත් එම වැවට මහවැලි ගඟින් ජලය හැරවූ අවස්ථාවේ මෙම දරුවා දෙමාපියන් සමග දියනෑමට ගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

පසුව දියනෑමට ගොස් බෝක්කුවේ සිරවූ දරුවා දෙමාපියන් සහ ගම්වාසීන් සමග එක් වී බේරාගෙන නොච්චියාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ වනවිටත් දරුවා මියගොස් තිබූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.



නොච්චියාගම - ඒ.එච් තම්ෂීර්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories