මත්පෙති සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීමට දැඩි පියවර - ජනපති

Thursday, 24 August 2017 - 13:28

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+-++%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
මත් පෙති සහ මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති උත්සවයකදියි.

මෙහිදී නිලධාරීන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ නීතිවිරෝධී ලෙස මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සහ මෙරටට රැගෙන ඒම පිළිබඳ නීති කෙතරම් ශක්තිමත් කර තිබුණද දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මත්පෙති සහ  මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා දැනට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමටත් ඒ සඳහා විදේශ සහයෝගය ලබාගැනීමටත් උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මේ අතර පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඉදිරියේදී වඩාත් පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories