Hirunews Logo
%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 12 September 2017 - 18:48
දෙවියන් බුදුන් මස් කන දැන්වීමෙන් ලොව කැළඹෙයි
37,459

Views
ගණ දෙවියන් සහ ආගමික ශාස්තෘවරුන් පිරිසක්ස මාංශ අනුභව කරන ආකාරය දැක්වෙන වෙළඳ දැන්වීමක් සම්බන්ධයෙන් ඉන්දියාව ඔස්ට්‍රේලියාවට විරෝධය දක්වා තිබෙනවා.

ගණ දෙවියන් මාංශ අනුභව කරන ආකාරය අදාළ දැන්වීමේ පැහැදිළිව දැක්වෙන බවටයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් ඉන්දීය ආගමික බැතිමතුන් අතර ද දැඩි විරෝධතාවක් මතුවී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙන්ම බුදුන් වහන්සේ ඇතුලු ආගමික නායකයන් අනුකරණය කරමින් මෙම දැන්වීම නිපදවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ මස් මාංශ කර්මාන්තයේ නිරතවන පිරිසක් විසින් මෙම දැන්වීම නිශ්පාදනය කර තිබෙනවා.

දැන්වීම ප්‍රසිද්ධියට පත්වීමත් සමග ඔස්ට්‍රේලියාවේ ආගමික බැතිමතුන් ද සිය දැඩි විරෝධය පළකර ඇතැයි සඳහන්.

කැන්බරා නුවර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල බලධාරීන් ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු 3 කට එරෙහිව චෝදනා කර තිබෙනවා.

මෙම වෙළඳ දැන්වීම හමුවේ ආගම් රැසකට අපහාසයක් සිදුවන බැවින් වහාම එය ඉවත් කරගන්නා ගන්නා ලෙසටයි මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පැමිණිලි 30 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි ඔස්ට්‍රේලියා දැන්වීම් ප්‍රචාරණ පාලක කාර්යාංශය ද ප්‍රකාශකර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
1,007 Views
4,185 Views
5,742 Views
5,263 Views
175 Views
5,753 Views
Top