Hirunews Logo
%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Wednesday, 13 September 2017 - 11:08
ගුරුවරයෙක් පන්තිකාමරය තුළ සිසුවියකට කළ අමානුෂික වැඩේ මෙන්න
124

Shares
14,892

Views
පාසලක ගුරුවරයෙකු විසින් දැරියකට අමානුශිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවෙන්.

එහි KwaZulu-Natal පළාතේ පාසලක අදාළ සිදුවීම වී ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වී ඇත්තේ.

එහිදී අදාළ ගුරුවරයා විසින් වෙනත් සිසුවියකට පහරදෙන අවස්ථාවේ අදාළ සිසුවිය සිනාසී තිබෙනවා.

ඒ ගැන කිපුණු ගුරුවරයා විසින් එම සිසුවියට පහරදීමට පටන්ගෙන තිබෙනවා.

එහිදී පන්තිකාමරය තුල සිටි තවත් අයෙක් එම සිදුවීම වීඩියෝ කර මෙලෙස පසුව අන්තර්ජාලයට එක්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අදාළ අස්ථාවේ එම සිසුවිය හැඳ සිටි ඇඳුමද ගලවාදමමින් මෙම ගුරුවරයා විසින් පහරදෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

ඒ අනුව අදාළ සිදුවීම අන්තරජාලයට එක්වීමත් සමඟ එම පළාතේ අධ්‍යාපන බළධාරීන් විසින් එම සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පසුව එම ගුරුවරයාගේ වැඩ තහනම් කිරීමකට ලක්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

දකුණු අප්‍රිකාවේ පාසල් සිසුන්ට පහරදීම මීට වසර 20 කට පෙර තහනම් කර තිබෙනවා.
 
එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,168 Views
12,800 Views
5,028 Views
2,847 Views
68 Views
9,256 Views
Top