Hirunews Logo
%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 13 September 2017 - 16:50
ගින්නකින් ධීවර යාත්‍රාවක් විනාශ වෙයි (ඡායාරූප)
18

Shares
2,246

Views
හම්බන්තොට ධීවර වරායේ නතර කර තිබු යාත්‍රාවක් හදිසියේ ඇතිවු ගින්නකින් විනාශවී තිබෙනවා.

තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් යාත්‍රාවක් වන අතර එය පසුගිය මස 17 වනදා මුහුදු ගොස් පැමිණ වරායට ඇතුලු කර තිබී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්න හටගත් අවස්ථාවේ එහි එක් කම්කරුවෙකු සිට ඇති අතර ඔහු ජලයට පැන දිවි බේරාගෙන තිබෙනවා.

හම්බන්තොට ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන්ගේ දැනුවත් කිරීම අනුව පොලිසිය / නාවික හමුදාව සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ධීවරයන්ගේ ද සහයෙන් යාත්‍රාවේ ගින්න මැඩපවැත්වු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්නෙන් විනාශ වු යාත්‍රාව රුපියල් ලක්ෂ 90 ක් පමණ වන බව සඳහන්.

ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය පිළිබඳ හම්බන්තොට පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.


ඡායාරූප - හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
732 Views
3,878 Views
4,460 Views
3,739 Views
122 Views
35,094 Views
Top