Hirunews Logo
%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A
Wednesday, 13 September 2017 - 17:03
රත්නපුර නගර මධ්‍යයේ පාසල් සිසුවෙක් විරෝධයක
157

Shares
18,936

Views
තම බාප්පා මත්පැන් බී පැමිණ තමන්ට, තාත්තාට හා අම්මාට පහර දී දිගින් දිගටම කරදර කළත් පොලිසිය නිසි පියවර නොගන්නා බව පවසමින් පාසල් දරුවෙක් රත්නපුර නගරයේ දී කාඩ්බෝඩ් කැබැල්ලක දුක් ගැනවිල්ලක් ලියා ප්‍රදර්ශනය කරමින් අද(13) විරෝධතාවක නිරත වුනා.

තමන්ට විභාගය කිරීමට ඉඩ නොදෙන බවයි  දරුවා අවට රැස්වුවන්ට හැඬු කඳුලින් කියා සිටියේ.

තමන්ව අත්අඩංගුවට පත් කරන බවට තර්ජනය කරන බවද ඔහු සඳහන් කළා.

තම පවුලේ මව, පියා, අක්කා හා මල්ලී තම පවුලේ සිටින බවද ඔහු පැවසුවා.

ඇඹිලිපිටියේ පදිංචි තම පවුලට සිය බාප්පා හා පුංචි අම්මලා  3 දෙනෙකු කරදර කරන බවද පැවසු ඔහු ඇඹිලිපිටිය පොලිසියට චෝදනා කළේ සාධාරණය ඉටු නොකරන බව පවසමින්.

රත්නපුර නගරයේ ඔරලෝසු කණුව අසල විරෝධතාවයේ නිරත වූ මෙම සිසුවා පොලිස්පතිවරයාගෙන් ගෙන් සහය ඉල්ලා සිටියා.

පසුව රස්වූපිරිස ඔහුව රත්නපුර පොලිස් අධිකාරී කාර්යාලය වෙත රැගෙන ගියා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,168 Views
12,800 Views
5,028 Views
2,847 Views
68 Views
9,256 Views
Top