Hirunews Logo
%E0%B7%80%E0%B6%9C%E0%B7%8F+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Wednesday, 13 September 2017 - 17:28
වගා හානි නිසා ගොවියෙක් සිය දිවි හානිකර ගනී
12,369

Views
ලොකු ලූනු වගාව සම්පූර්ණයෙන් ම වර්ෂාවෙන් විනාශ වීමත් සමඟ ගොවියකු සිය දිවි හානි කරගෙන ඇතැයි දඹුල්ල රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයක දී  අද (13) අනාවරණ වුනා.

දඹුල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක ඩී ඩබ්ලිව් ජේ  බණ්ඩාර ඉදිරියේ දඹුල්ල රෝහලේ දී මෙම හදිසි මරණ පරීක්ෂණය පැවැත්වුනා.

එහිදී සාක්ෂි ලබාදුන් මියගිය අයගේ ඥාතීන් කියා ඇත්තේ අක්කර එක හමාරක පමණ ලොකු ලූනු වගාවක් ණය වී සිදුකළද මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග ලූණු වගාව සම්පූර්ණයෙන් ම විනාශ වීම නිසා දැඩි සිත්තැවුලට පත්ව ඔහු වස පානය කළ බවයි.

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇත්තේ හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි කිරියාගේ ගුණරත්න නමැති (57) දෙදරු පියෙක්.

මියගිය ගුණරත්න ගේ හදිසි මරණ පරීක්ෂණය අතරදී ඔහුගේ බිරිඳ වැඩිමහල් පුතු ප්‍රකාශ ලබා දුන්නා.

පුත්‍රයා පැවසුවේ තම පියා ගොවියකු බවත්, විශාල වශයෙන් ණය වී ලූණු වගාව ආරම්භ කළ ද අස්වැන්න නෙලීමට ආසන්න ව තිබියදී ඇද හැලුණු වර්ෂාවත් සමඟ සම්පූර්ණයෙන්ම ලූණු වගාව විනාශ වූ බවයි.

මේ නිසා ණය ගෙවා ගැනීමට නොහැකිව සිත් තැවුලෙන් සිටී සැමියා වස පානය කළ බව බිරිඳ සඳහන් කළා.

මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේ දී සිදුවෙද්දී ගුනරත්න ගේ ලොකු ලූනු වගාව බැලීමටත් ඔහුගේ නිවසටත් අප වාර්තාකරු ගොස් තිබෙනවා.

කුඩා කාමර දෙකක පදිංචිව සිටින ගුණරත්න ප්‍රදේශයේ ඉතා දුක් මහන්සියෙන් වගා කරන දක්ෂ ගොවියකු බව ප්‍රදේශවාසීන් පැවසූවා.

ඔහුගේ දියණිය හඬා වැටෙමින් කියා සිටියේ  ලොකු ළුණු වගාව විනාශ වීමත් සමග තම පියා දැඩි වේදනාවකින් පසුවූ බවත්  සියදිවි හානි කර ගැනීමට පවා සිතන  බව පැවසු බවයි.

ගුනරත්න මහතාගේ වගා බිම නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් මහ වනයක් පවතින අතර අලින්ගෙන් ගහන වූ මෙම ප්‍රදේශයේ බොහෝ ගොවීන් ලොකු ලූනු වගා කර ඇති අයුරු අප වාර්තාකරුට දැක ගැනීමට ලැබී තිබෙනවා.

ගුනරත්න මහතාගේ ලොකු ළුණු වගාව සම්පූර්ණයෙන්ම වර්ෂාවෙන් යටවී කුණුවී විනාශ වෙමින් පවතින අයුරු දැක ගැනීමට ද හැකි වුනා.

එහි සිටි ගොවීන් කියා සිටියේ සෑම ගොවියකුටම මෙවර ලොකු ලූනු අස්වැන්න මේ තත්ත්වය උදා වී ඇති බවයි.

ගුනරත්න ගේ තනියට කැලයේ සිටි බලු සුරතලා ඔහු නැතිව ලුණු වගාවේ ඇවිද ඇවිද සිටින අයුරු දැක ගැනීමට හැකි වුනා.

කෙසේ වෙතත් බහුතර ජනතාවක් කියා සිටින්නේ සියදිවි හානිකර ගැනීමෙන් කිසිදු ලාභයක් නොවන බවත් ස්වභාව ධර්මයෙන් ලැබෙන මෙවැනි විපත් වලදී බලධාරීන් පවතින රජයන් දැනුවත් කොට ඒ සඳහා වන්දි මුදලක් ලබාගැනීමට ගොවීන් පුරුදු පුහුණු විය යුතු බවයි.

එසේ නැතිව මේ ආකාරයෙන් සියදිවි හානිකර ගැනීමෙන් සිදු වන්නේ තමන්ගේ දුවා දරුවන් ඥාතීන් මෙන්න මිතුරන්ද අහිමි වීම මිස ප්‍රශ්නවලට විසඳුමක් ලැබීම නොවන බවයි ඔවුන්ගේ අදහස වුයේ.



ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
732 Views
3,878 Views
4,460 Views
3,739 Views
122 Views
35,094 Views
Top