Hirunews Logo
%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%2C+%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%3F+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 13 September 2017 - 18:38
පුතා, තාත්තා මැරුවාද ? දේහය යළි ගොඩට (ඡායාරූප)
146

Shares
17,531

Views
පොල්ලකින් ගසා පියා මැරූ බවට ලැබුණු පෙත්සමක් හා 119 දුරකථන අංකයකට ලැබුණු පැමිනිල්ලකට අනුව පසුගිය මාසයේ 21 දින භූමදානය කරන ලද පුද්ගල මරණයක් මහියංගන, අරාවත්ත, රඹුක්යාය පොදු සුසාණ භූමියේදි අද(13) දින මහියංගන මහේස්ත්‍රාත් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් නාලක වීරසිංහ ඉදිරියේ ගොඩ ගනු ලැබූ බව මහියංගන පොලිසිය පවසනවා.

ගොඩ ගනු ලැබූ දේහය මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් නාලක වීරසිංහ විසින් මරණ පරික්ෂණය සදහා මහියංගන මුලික රෝහල වෙත යොමු කරන ලෙස නියෝග කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ පුතා වන ඒ. ඩි විමලසේන නම් 29 වියැති  එක්දරු පියා මහියංගන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් වැඩි දුර ප්‍රශ්න කිරිම සදහා අධිකරණයෙන් රැදවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

මෙලෙස ගොඩ ගනු ලැබුවේ අරාවත්ත, රඹුක්යාය, 46 ½ කණුව, අංක 46/1  නිවසේ පදිංචිව සිටි ඒ.ඩි පියතේරිස් නැමැති 67 හැවිරිදි පුද්ගලයෙකුගේ මළසිරුරයි.

පසුගිය ජුලි 31 දින මියගිය අයගේ නිවසේ රාත්‍රි 8.30ට පමණ බීමත්ව පිය-පුතු අතර සිදු වු බහින් බස්වීමක් ගැටිමක් දක්වා දුරදිග ගොස් මියගිය අයගේ පුත්‍රයා පියාහට මෝල් ගසකින් පහර දි ඇති බවයි වාර්තා වන්නේ.

පහර දිමෙන් මියගිය අය බිම ඇද වැටී ඇති අතර බීමත් කම හේතුවෙන් ඔහු නොනැගිටින බව සිතු නිවෙසියන් ඔහු පිළිබද සොයා බැලිමට උනන්දු වි නැහැ.

පසුදින උදැසන වන තෙක්ම මිය ගිය අය බිම ඇද වැටුනු තැනම සිටිමින් කෙදිරි ගෑම හේතුවෙන් නිවෙස්  බිරිද විසින් ඔහු මහියංගන මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එසේ ඇතුලත් කර ඇත්තේ බීමත්ව බිම ඇදවැටුනු බව පවසමින් .

එදිනම වැඩිදුර ප්‍රතිකාර සදහා ඔහු බදුල්ල මහරෝහල වෙත ඇතුලත් කර ඇති අතර බදුල්ල මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ අගෝස්තු 19 වන දින දක්වා ප්‍රතිකාර ලබා ඇති අතර 19 දින මියගොස් ඇති බව සඳහන්.

මරණය සම්බන්ධයෙන් ඥාතින් සැකයක් නොමැති බව පැවසිමෙන් පසු මරණ පරික්ෂණයකින් තොරව බදුල්ල මහරෝහල විසින් මියගිය අයගේ දේහය ඥාතින් වෙත බාරදී තිබෙනවා.

පසුගිය මාසයේ 21 දින අරාවත්ත, රඹුක්යාය පොදු සුසාන භූමියේ භූමදානය කරන ලද දේහය මහියංගන මහේස්ත්‍රාත් ඉදිරියේ අද(13) ගොඩගනු ලැබුවා.



මහියංගනය - රන්ජිත් කරුණාවීර
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,168 Views
12,800 Views
5,028 Views
2,847 Views
68 Views
9,256 Views
Top