Hirunews Logo
%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B6%A7%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 13 September 2017 - 21:14
පදික මාරුවකදී පුද්ගලයෙකු යටකර පළාගිය වෑන් රථයක් සොයා පරීක්ෂණ (ඡායාරූප)
22

Shares
2,727

Views
තලවාකැලේ ළිඳුල නගර සභාව අසලදී පදික මාරුවකින් මාර්ගය හරහා ගමන් කරමින් සිටි අයෙකු යටකර පළා ගිය වෑන් රථයක් සොයා තලවාකැලේ පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය වු වෑන් රථයේ ගැටුනු පුද්ගලයා මීටර් 100 ක් පමණ ඇදී ගොස් වැටී ජීවිතක්ෂයට පත්වීමෙන් පසු වෑන් රථය පළාගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද රාත්‍රී 7 ට පමණ සිදුවු මෙම අනතුරින් මියගොස් ඇත්තේ ළිඳුල ප්‍රදේශයේම පදිංචි 55 හැවිරිදි තිදරු පියෙක්.

මෘත ශරීරය ළිඳුල රෝහලේ තැන්පත් කර ඇති අතර එය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරට සම්බන්ධ වෑන් රථය හඳුනාගෙන ඇති අතර එය සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.


ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
732 Views
3,878 Views
4,460 Views
3,739 Views
122 Views
35,094 Views
Top