Hirunews Logo
%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Sunday, 17 September 2017 - 19:12
මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය ගැන, ඇමති ඩිලාන්ට ගැටළුවක්
18

Shares
2,243

Views
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා හාලිඇල - කැටපොල ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ වැඩි කැමැත්ත පවතින්නේ මනාප ක්‍රමයට ඡන්දය පැවැත්වීමට බවයි.

එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස්.

‘‘විසිවන සංශෝධනය ගේන්න හැදුවෙ අපි. ලංකාවේ සෑම පළාත් සභා මැතිවරණයකම මනාප ඡන්ද ක්‍රමය නැතිව කොට්ඨාශ ක්‍රමය ගේන්න. ඒකයි අපේ පරමාර්ථව වුණේ. නැතිව කල් දැමීම නෙවෙයි. කොට්ඨාශ ක්‍රමය ගේනකොට චුට්ටක් කල් යනවා. දැන් මට පේනවා රටේ මැතිවරණ කොමසාරිස් තුමත් වැඩියෙන් මනාප, මනාප ක්‍රමයට වගේ. අපිට මුකුත් කියන්නත් බැහැ. එතුමා ස්වාධීනයිනෙ. හැබැයි ස්වාධීන ද මොන ධීන ද මම දන්නේ නැහැ. එතුමා ඊයේ කිව්ව මම ජනවාරි 6 ට පළාත් පාලන ඡන්දය දැම්මේ මනාප ඡන්ද ක්‍රමයට මට සබරගමුවයි, උතුරුමැදයි, නැගෙනහිරයි බලන්න  ඕන හින්ද කියලා. එතකොට නිකං මට හිතුන දෙයියනේ ස්වාධීන කම නිකං බේරෙනව ද කියලා. ස්වාධීන කෙනෙක් කොහොමද පළාත් සභා මනාප ඡන්ද ක්‍රමය ඉස්සරහට ගන්නේ පළාත් පාලන රටේම තියෙන ඡන්දෙ පස්සට දාලා. මුකුත් කියන්න බැහැ ස්වාධීනයි. මේ රටේ අද මේ වෙනකොට මනාප ඡන්ද ක්‍රමය නැති කරලා කොට්ඨාසෙකින් සියයට 60ක් සහ සමානුපාතික නියෝජනයෙන් 40ක් තෝරා ගන්නා වූ ඒ හොද ක්‍රමය පළාත් සභා ක්‍රමයට ගේන්න හදනකොට මනාප ඡන්ද ක්‍රමයට කෙලින්නට කොහේ හරි කුමන්ත්‍රණයක් ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා ද කියන සැකයක් මතුවෙලා තිබෙනවා.’’


මේ අතර, ජනවාරි මාසයේදී මැතිවරණයක් සඳහා වැඩි ඉඩකඩක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ලේ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු ලබාදෙමින්.



 


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
483 Views
3,538 Views
5,674 Views
4,969 Views
116 Views
5,074 Views
Top