Hirunews Logo
%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Sunday, 17 September 2017 - 19:48
මියන්මාර රජයට සහය පළ කරමින් විරෝධතාවක්
2,795

Views
මියන්මාර රජයට සහය පල කරමින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඔස්සේ සංවිධානය වූ පිරිසක් ගාලු පාර අවහිර කරමින් අද දහවල් විරෝධතාවක නිරත වුණා.

ඔවුන් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේ කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටින්.

අනතුරුව පා ගමනින් කොල්ලුපිටිය මං සන්ධිය දෙසට ඔවුන් පැමිණියේ මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට සංදේශයක් භාරදීම සඳහායි.

කෙසේ වෙතත්, ඔවුන්ට ඇමරිකානු තානාපති කාර්යාලයට යාමට පොලීසිය ඉඩ ලබාදුන්නේ නැහැ.

අනතුරුව පොලීසිය සමඟ විරෝධතාකරුවන් පිරිසක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන්ගෙන් 05 දෙනෙකුට තානාපති කාර්යාලයට යාමට අවසර හිමි වුණා.

ඔවුන් නැවත පැමිණෙන තෙක් අනෙකුත් පිරිස එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වූ අතර, ඒ අසළින් බස් රථයක් ගමන් කිරීමට පැමිණීමත් සමඟ කලහකාරී තත්වයක් ඇති වුණා.

පසුව කොල්ලුපිටිය පොලීසිය මෙම තත්වය සමථයකට පත් කළ අතර, විරෝධතාකරුවන් අනතුරුව මෙරට පිහිටි මියන්මාර තානාපති කාර්යාලයට ද සංදේශයක් භාර දී තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
483 Views
3,538 Views
5,674 Views
4,969 Views
116 Views
5,074 Views
Top