මාස නවයක බිළිඳා මැරෙන්නට දමා ගිය 17 හැවිරිදි මව (ඡායාරූප)

Tuesday, 19 September 2017 - 10:23

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%B1%E0%B7%80%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+17+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B8%E0%B7%80+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මාස නවයක බිළිඳා මැරෙන්නට හැර නිවසක තනිකර ගිය මවක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාවේ රොස්ටෝව් ප්‍රදේශයේ ජීවත්ව ඇති අදාල මව වයස අවුරුදු 17ක තැනතියක් බවයි වාර්තා වන්නේ.

මැයගේ සැමියා හමුදා සාමාජිකයෙක් වන අතර ඔහු රාජකාරි සඳහා නිවසින් පිටව ගිය අවස්ථාවේ මෙම කාන්තාව විසින් බිළිඳා නිවසේ තනිවම දමා පාසලේ මිතුරුයන් සමඟ විනෝද වීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ ඇයගේ මිතුරියන් දරුවා පිළිබඳව විමසා ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ දරුවා බලා ගැනීමට වෙනත් කෙනෙකුට පවරා ආ බවයි.

සතියක පමණ කාලයක් බිළිඳාගේ මව නිවසට පැමිණ නොමැති අතර නිවසේ තිවන සිටි මාස 09ක  බිළිඳා කුසගින්න හේතුවෙන් මියගොස් ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකකාර මව අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඇය පොලිසියේදී පවසා ඇත්තේ තමන් දරුවා හදා ගැනීමට අකමැති නිසා මෙලෙස දරුවා මැරෙන්නට සැලැස්සූ බවයි.

කෙසේ වෙතත් මෙම කාන්තාව සිය බිළිඳාට මසක් ගතවේද්දී මැය විසින් දරුවා ළමා නිවාසයකට භාරදී ඇති අතර එහි පාලකයන් විසින් නැවතත් බිළිඳා ඇය වෙත භාර දී තිබෙනවා.

තම දරුවාගේ මරණය සම්බන්ධයෙන් වැරදිකාරිණිය වූ Viktoria Kuznetsova නමැති 17 හැවිරිදි  මෙම කාන්තාවට වසර 10ක සිර දඬුවමක් එරට අධිකරණය විසින් නියමකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇයගෙන් දික්කසාද වීමට ඇයගේ සැමියා තීරණය කර ඇති බවද සඳහන්.

 











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories