අවුරුදු 13 ක සාමණේර හිමිනමක් අතුරුදන්

Tuesday, 19 September 2017 - 16:03

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+13+%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%AB%E0%B7%9A%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
පෝද්දල පොලිස් කොට්ඨාසයේ- හිරඹුර ජයසේකරාරාම විහාරස්ථනයේ සිටි වයස අවුරුදු 13ක සාමනේර හිමිනමක් මේ මස 13 වන දින සිට  අතුරුදන්ව ඇතැයි විහාරස්ථ දායක සභාව හා විහාරාධිපති හිමියන් පවසනවා.

අතුරුදන්වු  මෙම හිමිනම පිළිබදව අද(19)  ගාල්ල- පෝද්දල පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බව අප වාර්තාකරු කියා සිටිනවා.

ඒ අනුව මෙම  සාමනේර හිමිනම අතරුදන් වී අදට දින 06 ක්.

කෙසේවෙතත් අද (19) දහවල් ගාල්ල කොටුපවුර තුළ තිබි කහසිවුරක් පොලිසියට හමුව තිබෙනවා.

මේ අතුරුදන්වු  හිමි නම හා මේ කහසිවුර අතර යම් සම්බන්ධයක් තිබේද නැතිනම් මේ හිමියෝ පැහැරගෙන ගියේ ද, මේ අප හිමියන්ට යම් අනතුරක් සිදුවේ ද යන්න පොලිසිය පොලිස් පරික්ෂණ පවත්වනවා.

කෙසේ නමුත් විදෙස් රටක රැකියාවක නිරතව සිටි මෙම සාමනේර හිමිනමගේ මව මෙයට දින කිහිපයකට පෙරමව්බිමට පැමිණ තිබෙනවා.

අම්මා සාමනේර හිමි නම රැගෙන ගියේ ද යන්න මතුව ඇති සැකයක් මතද පරීක්ෂණ පැවැත්වෙන බව අප වාර්තාකරු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories