අර්ජුන මහේන්ද්‍රන් දෙවන දිනටත් බැඳුම්කර කොමිසමට

Wednesday, 20 September 2017 - 10:52

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සාක්ෂි ලබාදීම සදහා අද දෙවන දිනටත් ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

ඔහු පළමු වරට බැඳුම්කර කොමිසමේ සාක්ෂි කූඩුවට නැග සාක්ෂි ලබාදීම ඊයේ ආරම්භ කළා.

මේ අතර, දැනට දඩුවම් ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ අද කරුණු සලකා බැලෙනවා.

පසුගිය 14 වනදා මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසට නීතිපතිවරයාට නොතීසි නිකුත් කළා.

ඇප ඉල්ලීම සලකා බැලෙන අවස්ථාවට දඩුවම නියමව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ අධිකරණය වෙත මේ වනවිට රැගෙනවිත් සිටින බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories