විදුලි සේවකයින්ට රතු නිවේදන නිකුත් කරද්දී, GMOA වර්ජනයකට සැරසෙයි

Wednesday, 20 September 2017 - 13:17

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%2C+GMOA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වර්ජනයේ නිරත විදුලි සේවකයින් සදහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අවසන් නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව වර්ජනයේ නිරත අනියම් සහ පරිවාස සේවකයින් හෙට දහවල් 12 ට පෙර සේවයට වාර්තා කළ බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

එසේ සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය හැර ගියාසේ සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා විදුලි සේවකයින් ආරම්භ කළ මෙම වර්ජනයට අදට දින 8 ක් ගතවනවා.

කෙසේ වෙතත්, ඉංජිනේරුවන් හැර අනෙකුත් සියලුම සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ රාත්‍රියේ තීරණය කළා.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික නිලධාරීන්ට සියයට 13ක වැටුප් වැඩිවීමක් සහ තාක්ෂණික නොවන සේවාවන්ට සියයට 6ක වැටුප් වැඩිවීමක් ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවයි විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සදහන්  කළේ.

එමෙන්ම, මෙම වැටුප් වැඩිවීම මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට ද තීරණය කෙරුණා.

කෙසේ වෙතත්, මේ හරහා තම ඉල්ලීම්වලට විසදුමක් නොලැබෙන බවයි වර්ජනයේ නිරත ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් ප්‍රකාශ කළේ.

අද මධ්‍යහ්න 12 වනවිට තම ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් හෙට දහවල් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වටලන බවයි ඔහු කියා සිටියේ.

මෙම ගැටලු පිළිබද සාකච්ඡා කිරීම සදහා වර්ජනයේ නිරත විදුලි වෘත්තීය සමිති අද පස්වරුවේ කම්කරු සබදතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න හමුවනවා.

මේ අතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව හෙට දිනයේදී දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ගුරු සංගම් ඇතුළු වෘත්තීය සමිති රැසක් ද මෙම වර්ජනයට සහය පළ කර ඇති බවයි.

ඒ අනුව හෙට පෙරවරු 8 සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ඔහු කියා සිටියා.

මේ අතර වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක කාලයක්, වර්ජනයක නිරත වීමට සිටි දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය එම වර්ජන ක්‍රියාමාර්ග අත්හැරීමට තීරණය කර  තිබෙනවා.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.













Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories