ව්‍යාජ විදෙස් මුදල් මුද්‍රණය කළ මධ්‍යස්ථානයක් වටලයි

Thursday, 21 September 2017 - 18:55

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
යාපනයේ සිත්තන්කේනි ප්‍රදේශයේ කලක සිට කරගෙන ගිය ව්‍යාජ විදෙස් මුදල් මුද්‍රණය කිරීමේ ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.

යාපනය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසූවේ යාපනයේ මුදල් හුවමාරුකරන  මධ්‍යස්ථානයකට පැමිණි පුදගලයකු කැනේඩියන් ඩොලර් 10,100ක් මාරුකිරීමට උත්සහා දරා ඇති අතර අදාළ  මුදල් පරීක්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ නෝට්ටු බවට සැක කළ මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයකු ඒ බව යාපනයේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට දැනුවත් කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත් වු යාපනය නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු වහාම අදාළ ස්ථානයට නිළධාරීන් යොමුකොට  සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී යාපනය සිත්තන්කේනි ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් එම මුදල් නෝටටු මාරු කරගෙන එන ලෙස තමන්ට ලබා දුන් බව සැකකරු පවසා තිබෙනවා.

අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු සමග  සිත්තන්කේනි ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරීන්  අදාල  ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් දෙදෙනාම එක් වී කලක සිට මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමේ යෙදී ඇති බව අනාවරණය වුනා.

සැකකරුවන් හෙට(22) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර යාපනය නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු ගේ මෙහෙයවීම යටතේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය නියෝජ්‍ය පොලිස්පති කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories