ඇමරිකාව සහ උතුරු කොරියාව එක් මතයක

Thursday, 21 September 2017 - 19:29

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර න්‍යෂ්ටික අවි ප්‍රතික්ෂේප කරමින් රටවල් 51 ක් නව ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය ඇතුළු රටවල් 51 ක් අත්සන් තැබූ මෙම ගිවිසුම ලෝක අවිහරණය සම්බන්ධයෙන් ගත් ප්‍රබල පියවරක් ලෙසයි ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් හදුන්වනු ලැබුවේ.

කෙසේ වෙතත්, දැනට න්‍යෂ්ටික අවි නිපදවන ඇමරිකාව, බ්‍රිතාන්‍ය, රුසියාව, චීනය, ප්‍රංශය, ඉන්දියාව, පාකිස්ථානය, උතුරු කොරියාව, ඊශ්‍රායලය මෙම ගිවිසුමට අත්සන් කර නැහැ.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් සංවාදයක් හට ගෙන ඇති මොහොතක රටවල් 51 ක් මෙවැනි නව ගිවිසුමකට අත්සන් තැබීම විශේෂත්වයක් බවයි විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories