තුන් මාසයක් තිස්සේ ගුරුවරුන් අතින් ශිෂ්‍යාවක් දූෂණය වීම ගැන ඉන්දියාවේ උද්ඝෝෂණ

Friday, 22 September 2017 - 10:33

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB
තුන් මසක් තිස්සේ ගුරුවරුන් දෙදෙනෙකු අතින් දූෂණයට ලක් වූ බව පැවසෙන පාසල් ශිෂ්‍යාවක ගබ්සාවකින් අනතුරුව අසාධ්‍ය තත්වයේ පසුවන බව ඉන්දියාවාර්තා උපුටා දක්වමින් බී බී සී ය වාර්තා කර තිබුනා.

සැක පිට ඉන්දීය පොලිසිය විසින් රාජස්තාන් ප්‍රාන්තයේ පාසලක අධ්‍යක්‍ෂවරයා සහ ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බවද එහි සඳහන්.

18 හැවිරිදි ශිෂ්‍යාව ගබ්සාවක් සඳහා බලහත්කාරයෙන් පෞද්ගලික රෝහලකට යොමු කර ඇති බවයි ඉන්දීය පොලිසිය සඳහන් කර ඇත්තේ.

ගබ්සාව කර ඇති බව පැවසෙන රෝහල පිළිබඳව ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එම වාර්තාවේ සඳහන්.

ඉන්දීය පොලිසිය කියා ඇති පරිදි මෙම ශිෂ්‍යාව තුන් මසක් තිස්සේ ගුරුවරුන් දෙදෙනෙකු අතින් දුෂණයට ලක් වී තිබෙනවා.

ඇය මේ වනවිට සිහිසුන්ව රෝහල්ගතව  සිටින බව ඉන්දීය පොලිසිය ප්‍රකාශ කර ඇති බවද බී බී සී වාර්තාවේ දැක්වෙනවා.

එම නිසා ශිෂ්‍යාවගෙන් මේවනතුරු කටඋත්තරයක් ලබා ගැනීමට පවා පොලිසියට හැකියාවක් ලැබී නැහැ.

කෙසේවෙතත් ඇය රෝහල්ගත කර ඇත්තේ උදරයේ වේදනාවක් ඇති බවට ප්‍රකාශ කිරීම නිසයි.

ඇය ගැබ් ගෙන ඇති බව රෝහල් කාර්ය මණ්ඩලය පවසා තිබෙනවා.

ගබ්සාවෙන් අනතුරුව ඇය අසාධ්‍ය තත්වයට පත්වී තිබෙනවා.

මෙම සිද්ධිය සැළවීමත් සමඟ ඇයගේ පාසල ඉදිරිපිටට රැස්වූ ප්‍රදේශවාසීන් කෝපයෙන් යුතුව විරෝධතා දක්වන්නට පටන්ගෙන ඇති බවද ඉන්දීය වාර්තාවල දැක්වෙනවා.

ඇය ඉගෙන ගනිමින් සිටි පාසල වසා දැමීමට බලධාරීන් නියෝග කර තිබෙනවා










Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories