පළාත් සභා ඡන්ද විමසීම් සංශෝදන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

Friday, 22 September 2017 - 22:13

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතට ඊයේ පස්වරුවේ කථානායක කරු ජයසූරිය අත්සන් තබා තිබෙනවා.

පසුගිය 20 වන දා අදාළ පනත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකේ බහුතරයක් සහිතව සම්මත වුණා.

පනතට පක්ෂව ඡන්ද 159 ක් ලැබුණු අතර, ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 37ක් පමණයි.

මේ අතර, ඊයේ පෙරවරුවේ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට කැදවා විශේෂ සාකච්ඡාවක් ද සිදුකර තිබුණා.

එහිදී ජනවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය සහ මාර්තු මාසය නිමවීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි කථානායකවරයා ඉල්ලා ඇත්තේ.

රජය පාර්ලිමේන්තුවට ලබාදී ඇති පොරොන්දු ප්‍රකාරව අදාළ මැතිවරණ පවත්වන ලෙස කථානායකවරයා මෙහිදී ඉල්ලා සිටි බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories