අග්නිදිග ආසියාතික කලාපයේ සීග්‍රයෙන් පැතිරෙන සුපිරි මැලේරියා පරපෝෂිතයෙකු ලෝකයටම තර්ජනයක් විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අගවනවා.
මෙම නව මැලේරියා පරපෝෂිත විශේෂය සාම්ප්‍රදායික මැලේරියා මර්දන ඖෂධ මගින් පාලනය කිරීමට නොහැකි බව සඳහන්.
කාම්බෝජයේ මුල්වරට දක්නට ලැබුණු නව සුපිරි මැලේරියා විශේෂය තායිලන්තයේ කොටසකට, ලා ඕසයට සහ දකුණුදිග වියට්නාමයට ද පැතිරී ඇති බව බැංකොක් නුවර පිහිටි ඔක්ස්ෆර්ඞ් ඝර්මකලාපීය ඖෂධ පර්යේෂණ ඒකකය සඳහන් කළා.
ප්‍රතිකාර ඔරොත්තු නොදෙන තත්වයකට මදුරුවාගෙන් පැතිරෙන මෙම මැලේරියා රෝගය පත්වේ යැයි එහි විද්‍යාඥයන් අතර, මතයක් පවතිනවා.
එමෙන්ම මෙම පරපෝෂිත විශේෂය ආසියාකරය පුරා පැතිරී අප්‍රිකා මහද්වීපයට ද ව්‍යාප්ත විය හැකි බවටයි විද්‍යාඥයන් අනතුරු අගවා ඇත්තේ.
දැනට වසරක් පාසා ලොව පුරා මිලියන 212ක් ජනයා මැලේරියා රෝගයට ගොදුරු වනවා.
මැලේරියා ඇතුළු ඖෂධ ප්‍රතිරෝධී ආසාදනවලින් වසරක දී මිය යන සංඛ්‍යාව හත්ලක්ෂයකට අධිකයි.

Follow US
Most Viewed Stories