සිවාජිලිංගම් ජාත්‍යන්තරයට ගතු කියයි

Sunday, 24 September 2017 - 18:48

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බලාපොරොත්තු කඩ වූ දෙමළ ජනතාව යුද අපරාධ සදහා ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයක් අපේක්ෂා කරන බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ජිනීවාහි මානව හිමිකම් සැසි වාරයේදී කරුණු දක්වමින්.

‘‘පසුගිය වසර 70 ක කාලය තුළ ශ්‍රී ලාංකීය දෙමළ ජනතාව බලාපොරොත්තු වුණු දේවල් ශ්‍රී ලංකා රජයෙන් ලැබිලා නැහැ. ඒ වගේම පොරොන්දුත් මෙතෙක් ඉටු කරලා නැහැ. දෙමළ ජනතාව ජාත්‍යන්තර ප්‍රජාවගෙන් දිගින් දිගටම බලාපොරොත්තු වෙන්නේ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාදාමයක්. ඒ වගේම මම කියන්න  ඕනි ශ්‍රී ලංකා රජය සම සහභාගිත්වය දරමින් 2015 සැප්තැම්බර් මාසයේ 15 වැනිදා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරපු 30 / 01 යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කිසිදු පියවරක්වත් මෙතෙක් ඉදිරියට තබලා නැහැ. ඒ වගේම එහි ඇතුළත් සමහර කරුණු ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කරලත් තියෙනවා. තවත් කාරණාවක් තමයි හිටපු යුද හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැහැදිලිව සඳහන් කළා ජගත් ජයසූරිය ඇතුළු ඔහු යටතේ හිටපු 30 දෙනෙකු , යටත් වෙච්ච එල් ටී ටී ඊ සාමාජිකයින් සම්බන්ධයෙන් යුද අපරාධ සිදු කරලා තියෙනවා කියලා. ඔහු ළඟ සාක්ෂි තියෙනවා කියලත් කිව්වා. හැබැයි මොකද වුණේ දවස් දෙකක් ගියාට පස්සේ ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිව්වා කිසිම යුද වීරයෙකුට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුවෙන්නෙ නැහැ කියලා. මේකෙන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ දෙමළ ජනතාවට ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාදාමයක්  ඕනා වෙනවා කියන එකයි. ඒ නිසා කාලාන්තරයක් තිස්සේ පීඩාවට පත්වූ දෙමළ ජනතාව වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාදාමයක් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කඩිනම් දේශපාලන විසඳුමක් දෙමළ ජනතාව වෙනුවෙන් ලබාදෙන්න කියලා.’’

මේ අතර, ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය  ඉදිරිපිට ගෝලීය ශ්‍රී ලාංකික සංවිධානය උද්ඝෝෂණයක් ද සංවිධාන කර තිබුණා. ශ්‍රී ලාංකික රණවිරුවන් යුද අපරාධ අධිකරණයකට ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ. ඒ සඳහා ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල ශ්‍රී ලාංකිකයින් සහභාගි වන අතර, එහිදී ඔවුන් එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සංදේශයක් භාරදීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories