ලක්ෂ 45 ක රත්‍රන් ඉන්දියාවට ගෙන යාමට තැත් කළ අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

Monday, 25 September 2017 - 8:27

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+45+%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නීති විරෝධීව රත්‍රන් තොගයක් ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලෝග්‍රෑම් එකක් පමණ බරැති රත්‍රන් තොගයක් ගුද මාර්ගයේ සගවා මෙම සැකකරු රැගෙන යාමට උත්සාහ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මෙම පුද්ගලයා ඉන්දියාවේ කොයිම්බතුර් බලා යාමටයි කටුනායකට පැමිණ ඇත්තේ.

සැකකරු සිය ගුද මාර්ගයේ රන් බිස්කට් 4 ක් / රන් කැබලි 3 ක් / රන් මාල 6 ක් සහ රිදී ආලේපිත රන් තහඩු දෙකක් ද සගවාගෙන සිටි බව රේගුව ප්‍රකාශකර තිබෙනවා.

ඒවායෙහි බර ග්‍රෑම් 904.77 ක් වන අතර වටිනාකම 4,523,850 ක් බවයි අනාවරණ වී ඇත්තේ.


ඡායාරූප - කටුනායක ටී කේ ජී කපිල


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories