update: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්ඩංගුවට

Monday, 25 September 2017 - 9:35

update%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ පොලිස් විශේෂ විමර්ශණ ඒකකය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

වරදකරුවෙකු නිත්‍යානුකූල දඩුවමකින් ආවරණයට ක්‍රියා කිරීම ඔහුට එල්ලවී ඇති චෝදනාවයි.

ලලිත් ජයසිංහ අද පොලිස් විශේෂ විමර්ශණ ඒකකයට කැඳවා තිබුනේ 2015 ජනවාරි මස 5 වනදා කහවත්ත පොලිස් වසමේ දී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුලු පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කරන ලද බව කියන සිද්ධියට අදාළ විමර්ශණයේදී යම් යම් කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

ලැබී ඇති තොරතුරු අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිගේ නම බී වාර්තාවට ඇතුලත් නොකරන්නැයි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පහළ නිලධාරීන්ට බලපෑම් කර ඇති බව ද වාර්තා වනවා.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා කියාසිටියේ අත්අඩංගුවට ගත් සැකකරු අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

2015 වසරේ ජනාධිපතිවරණ සමයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුලූ 7 දෙනෙකුට එරෙහිව රත්නපුර මහාධිකරණයේ මේ වනවිට නඩුවක් ද විභාග වනවා.

අදාළ සිද්ධිය වන අවස්ථාවේදී සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ලලිත් ජයසිංහයි.

මේ අතර විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැකවරණය ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුනේ පසුගිය 13 වනදායි.

එම සිද්ධියට අදාළව පොලිස් කොමිසමේ අනුමැතිය මත ඔහුගේ සේවය ද පසුගියදා අත්හිටවනු ලැබුවා


update : Monday, 25 September 2017 - 10.47
-------------------------------------------------------------------

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ පොලිස් විශේෂ විමර්ශණ ඒකකයට කැඳවා තිබෙනවා.

ඒ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

2015 ජනවාරි මස 5 වනදා කහවත්ත පොලිස් වසමේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුලු පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කරන ලද බව කියන සිද්ධියට අදාළ විමර්ශණයේදී යම් යම් කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබාගන්නා බවයි පොලිසිය කියාසිටියේ.

මේ වන විට ඔහුගෙන් අදාළ ප්‍රකාශය ලබා ගනිමින් සිටින බව ද පොලිසිය සඳහන් කළා.

මේ අතර විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැකවරණය ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුනේ පසුගිය 13 වනදායි.

එම සිද්ධියට අදාළව පොලිස් කොමිසමේ අනුමැතිය මත ඔහුගේ සේවය ද පසුගියදා අත්හිටවනු ලැබුවා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories