යෝෂිතගේ ඉල්ලීමකට කොළඹ මහාධිකරණයෙන් අවසර ලැබෙයි

Monday, 25 September 2017 - 11:34

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන 28 සිට ඔක්තෝම්බර් 12 වනදා දක්වා සති දෙකක කාලයක් ඉතාලියට යාමට කොළඹ මහාධිකරණය අද අවසර ලබාදුන්නා.

පෞද්ගලික සංචාරයක් සඳහා ඉතාලියට යාමට අවසර ලබාදෙන ලෙසටයි යෝෂිත රාජපක්ෂ නීතිඥයන් මගින් ඉල්ලා තිබුනේ.

අද කළ නියෝගය කඩුවෙල මහේස්ත්‍රාත්වරයාට දන්වා විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හරින ලෙසට මහාධිකරණය නියෝග කළා.

මෙම නියෝගය ආගමන විගමන පාලකට සහ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂකට දැනුම් දෙන ලෙසට ද මහාධිකරණය දන්වා තිබෙනවා.

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි මුදල් යොදවා සී එස් එන් නාලිකාව ආරම්භ කිරීම පිළිබඳ යෝෂිත රාජපක්ෂට ඓරෙහි නඩුව විභාග වන්නේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේයි.

ඔහු ඊට අදාළව ඇප ලබාගෙන ඇත්තේ කොළඹ මහාධිකරණයෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories