ගිනස් වාර්තාවට පාසල් දැරියන් යොදා ගැනීමට වගකිව යුතු පාර්ශවය හෙළිවෙයි

Monday, 25 September 2017 - 13:24

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%92%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලොව දිගම ඔසරි පොට සඳහා වන ගිනස් වාර්තාව තැබීම සඳහා පාසල් දැරියන් 250 ක් යොදා ගැනීමට වගකිව යුත්තේ මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා බව පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරියගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පරීක්ෂණයක් පැවැත්වුනා.

එහිදී ඊට අදාළ සියලු පාර්ශව කැඳවා තිබුන ද පළාත් අධ්‍යාපන ලේකම්වරයා ඊට සහභාගී නොවු බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ / කටුගස්තොට වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂ / අලවතුගොඩ සරත් ඒකනායක විදුහලේ විදුහල්පතිවරයා / පළාත් සහකාර අධ්‍යාපන ලේකම් ඇතුලු පිරිසක් මෙම පරීක්ෂණයට එක්වී තිබෙනවා.

මේ අතර මෙම අවස්ථාව මාධ්‍ය ආවරණය කිරීමට ආණ්ඩුකාරවරිය ඉඩ ලබාදී තිබුන ද අධ්‍යාපන බලධාරීන් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් අවස්ථාව නොලැබුනු බව ද අප වාර්තාකරු කියාසිටියා.

පරීක්ෂණය අවසානයේ ද ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හැකියාවක් ලැබී නැහැ.

මේ අතර ආණ්ඩුකාර නිලුකා ඒකනායක සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන බවයි.

දැනට සිදු කර ඇති විමර්ශණයට අනුව පාසල් දැරියන් මේ සඳහා යොමු කිරීමේ චෝදනාව එල්ලවී ඇත්තේ පළාත් අධ්‍යාපන ලේකම්වරයාට වන අතර පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායකට චෝදනා නැගිය නොහැකි බව ද ආණ්ඩුකාරවරිය ප්‍රකාශකර තිබෙනවා.

පරීක්ෂණ අවසානයේ වරදකරුවන් වන සියලුදෙනාට එරෙහිව තරාතිරම නොබලා දැඩි පියවර ගන්නා බවයි නිලුකා ඒකනායක කියාසිටියේ.

මෙම සිද්ධිය පිළිබඳ ළමාරක්ෂණ අධිකාරිය ද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories