එක්කෝටි අනූ ලක්ෂයක් වංචා කළ හිටපු ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියට අත්හිටවූ සිර දඩුවම්

Tuesday, 26 September 2017 - 19:35

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%96+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B7%99%E0%B6%A2%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
කොළඹ මහාධිකරණයට ඇප සහ දඩ වශයෙන් ලැබුණු රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට වරද පිළිගත් එහි හිටපු ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියට අද අත්හිටවූ සිර දඩුවම් නියම වුණා.

ඒ අනුව මාස 22ක සිර දඩුවමක් ඇයට නියම කළ අධිකරණය එය වසර 10 ක කාලයකට අත්හිටවනු ලැබුවා.

මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි එහිදී වැඩිදුරටත් නියෝග කළේ ඇයට රුපියල් 13 500 ක දඩයක් සහ ලක්ෂ 10 ක වන්දියක් ගෙවන ලෙසයි.

1990 වසරේ සිට වසර තුනහමාරක කාලයක් පුරා මහාධිකරණයට දඩ සහ ඇප වශයෙන් ලැබුණු මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ ඇය ඇතුලූ පස්දෙනෙකුට චෝදනා එල්ලවූ අතර, පසුව තුන්දෙනෙකුට එරෙහි චෝදනා නීතිපතිවරයා ඉවත් කරගෙන තිබුණා.

හිටපු රෙජිස්ට්‍රාර්වරිය තමන්ට එරෙහි චෝදනාවලට වරද පිළිගත් අතර, 79 වන වියේ පසුවන ඇය දැඩිව රෝගාතුරව පසුවන බවත්, ඇතැම් නිලධාරීන් ඇය මෙහෙයවා ඇති බවත්, විත්තියේ නීතීඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඇයගේ විශ්‍රාම වැටුප පවා මේ වනවිට අහිමිවී ඇති බව ඔහු සඳහන් කළ අතර, ඉදිරිපත් වූ සියලූ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි විනිසුරුවරයා අදාළ තීන්දුව ලබාදුන්නේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories