Hirunews Logo
%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 12 October 2017 - 9:55
ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක දත්ත පද්ධතියකට සයිබර් ප්‍රහාරයක්
2,574

Views
ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශවල තොරතුරු ඇතුළත් පරිගණක පද්ධතියකට සයිබර් ප්‍රහාරයක් එල්ල කර එහි දත්ත සොරාගෙන ඇති බවට  විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මෙම තොරතුරු අතර එරට ප්‍රහාරක ගුවන් යානා සහ නාවික ප්‍රහාරක යාත්‍රා පිළිබඳ සංවේදී තොරතුරු රැසක් අඩංගු වනවා.

අදාළ දත්ත සොරකම් කරනු ලැබුවේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර ඊයේ දිනයේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ලොව පුරා රටවල් රැසක බිඳ වැටීමකට ලක්වූවා.

පරිගණක තුලින් හෝ ජංගම දුරකථන මගින් ෆේස් බුක් වෙත පිවිසීමට නොහැකි වූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තම ෆේස් බුක් වෙතට පිවිසිය නොහැකි බවට රටවල් රැසක ෆේස් බුක් භාවිත කරන්නන් පැමිණිලි ඉදිරිපත් කරමින් සිටින බව ද සඳහන්.

මෙම තත්වය මත ෆේස් බුක් පරිශීලකයන්ට කිසිවක් share කිරීමට හෝ තම status publish කිරීමට හැකියාවක් ලැබී නැහැ.

කෙසේවෙතත් ඇතැම් ජංගම දුරකථන මගින් සමාජ වෙබ් අඩවියට පිවිසිය හැකි වූ අතර පරිගණක තුලින් ෆේස් බුක් ගිණුම්වලට යාමට නොහැකි වූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ශ්‍රී පාද අඩවියෙන්  පා සලකුණක් මතුවෙයි
Tuesday, 23 January 2018 - 15:49
ශ්‍රී පාද අඩවිය ආසන්නයේ රක්ෂිතයක් තුල තිබු ගලක් මතින්  විශාල පා සලකුණක් මතුවූ පුවතක් පසුගියදා... Read More
News Image
Hiru News Programme Segments
307 Views
10,889 Views
96 Views
145 Views
363 Views
12,515 Views
Top