Hirunews Logo
%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%A0%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
Thursday, 12 October 2017 - 14:23
පර්පෙචුවල් සමාගම රහස් තොරතුරු ලබාගත් ආකාරය ගැන වාර්තාවක් බැදුම්කර කොමිසමට
37

Shares
4,497

Views
පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම ආරම්භයේ සිටම බැඳුම්කර සම්බන්ධයෙන් අභ්‍යන්තර තොරතුරු ලබාදුන් පුද්ගලයින්ට මිලියන ගණනින් අල්ලස් ලබාදී ඇති බව එම සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී නුවන් සල්ගාදු අද (12) ප්‍රකාශ කළා.

ඒ, මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික ලේකම්වරයාගේ නීතිඥවරයා අද කොමිසමට දැනුම් දුන්නේ ඊයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ සිය සේවා දායකයා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

එම නිසා ඒ.එම්. හා ආර්.කේ. යන නම්වලින් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම පවත්වාගෙන ගිය ලිපිගොනු සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි බව නීතිඥවරුන් ප්‍රකාශ කළා.

කොමිසම පැවසුවේ ඔහු සුව වූ සැණින් එම දිවුරුම් ප්‍රකාශය කොමිසමට ඉදිරිපත් කරන ලෙසයි.

අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන් අද කොමිසම හමුවේ අවසන් වශයෙන් සාක්ෂි ලබාදුන්නේ ඔහුගේ නීතිඥවරයා කළ හරස් ප්‍රශ්න විමසීමටයි.

අනතුරුව සාක්ෂි ලබාදෙමින් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී නුවන් සල්ගාදු බැඳුම්කර සම්බන්ධයෙන් අභ්‍යන්තර තොරතුරු ලබාදුන් පුද්ගලයින්ට ගෙවූ සන්තෝසම් ඇතුළත් ලේඛණයක් කොමිසමට ඉදිරිපත් කළා.

එහි දැක්වෙන්නේ පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම සිය සහෝදර සමාගම් හරහා කේත නාමයන් කිහිපයක් වෙත මිලියන ගණනින් ගෙවීම් කර ඇති බවයි.

චාලි, කාර්, ටැංගෝ, ලිට්ල් ජොනී හා වුල්වරින් ලෙස සඳහන් අදාළ කේත නාමයන්වලින් අර්ථ දැක්වෙන්නේ කවුරුන් දැයි කොමිසම ප්‍රශ්න කළා.

සාක්ෂිකරු පැවසුවේ චාලි යනු සේවක අර්ථ සාධක අරමුදලේ බැඳුම්කර ලංසු තැබීම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම් දරන ඉන්දික සමන් කුමාර හා ටී.උදයසීලන් යන අය බවයි.

කාර්, ටැංගෝ ලෙස හඳුන්වන්නේ කවුරුන් දැයි නොදන්නා බව ප්‍රකාශ කළ සාක්ෂිකරු පැවසුවේ ලිට්ල් ජොනී යනු සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ අභ්‍යන්තර තොරතුරු ලබාදෙන පුද්ගලයාගේ කේත නාමය බවයි.

එවක පෞද්ගලික බැංකුවක සේවය කළ වර්තමානයේ රාජ්‍ය බැංකුවක සේවය කරන කවීන් කරුණාමුණි නැමැත්තා සඳහා එය යොදාගත් බවද සාක්ෂිකරු පැවසුවා.

සාක්ෂිකරු පැවසුවේ වුල්වරින් යනු අදාළ රාජ්‍ය බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී නවීන් අනුරාධ බවයි. එලෙස අනෙක් පුද්ගලයින්ටද මිලියන ගණනින් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම ආරම්භයේ සිටම අල්ලස් ලබාදී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන කළ ප්‍රකාශය සාක්ෂිකරු මෙහිදී පිළිගත්තා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top