Thursday, 12 October 2017 - 16:15
කොළඹ ට නොමිලේ වයිෆයි කලාප 100ක්
අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව ආරම්භ වු නොමිලේ වයිෆයි ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ එක් පියවරක් ලෙස කොළඹ නගරය ආවරණය වන පරිදි වයිෆයි කලාප 100ක් ඇති කිරීමට පියවරගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය කියා සිටියා.
කොළඹ නගර සභාව මූලිකත්වයෙන් මෙහි මූලික පියවර ලෙස වයිෆයි කලාප 20ක් ඇති කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බවයි එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ඒ අතරින් වයිෆයි කලාප 10කට වැඩි ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව එහි සඳහන්.
මෙම පොදු වයිෆයි යන්ත්‍ර ආකර්ෂණීය පෙනුමකින් මෙන්ම අධිතාක්ෂණිකව නිමවා ඇති අතර වයිෆයි පහසුකම්වලට අමතරව ජංගම දුරකථන ආරෝපණය කිරීමේ පහසුකම් සහ සාමාන්‍ය කසල බැහැර කිරීමේ පහසුකම් ද මෙම යන්ත්‍රය මගින් ලබා දෙනවා.
වත්මන් තාක්ෂණික ලෝකය සමග ශ්‍රී ලාංකිකයන් සමීප කරවමින් නූතන ලෝකයේ දියුණ නාගරික ලක්ෂණ ශ්‍රී ලංකාවේ නගර තුළ ද ඇති කරවීම මෙම පරිසර හිතකාමී වයිෆයි යන්ත්‍ර පිහිටුවීමේ මූලික අරමුණයි.
මෙහි දෙවන පියවර ලෙස කොළඹ නගරය තුළ ඉතිරි වයිෆයි කලාප 80 පිහිටුවීම සදහා සුදුසු ස්ථානයන් හදුනා ගැනීමට නියමිත අතර මීට අමතරව මාතර, ගාල්ල, නුවර සහ නුවර එළිය ආදී ලෙස පියවරෙන් පියවර ඉදිරියේ දී මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි තුළ ද ක්‍රියාත්මක කරවීමට නියමිත බව අදාළ නිවේදනයේ සඳහන්.