Hirunews Logo
%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 12 October 2017 - 17:31
කාන්තාවකගෙන් විවෘත අධිකරණයේ දී පොලිසියට ප්‍රහාරයක්
2,093

Views
පාණදුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු පවත්වාගෙන යන අතරතුරදි අධිකරණයේ සාක්කි කූඩුව අසල සිටි බණ්ඩාරගම පොලිසියේ සැරයන් සුනිල්ට කාන්තාවක් අද(12) විවෘත අධිකරණයේදී පහරදීම නිසා නඩු කටයුතු අතිරේක මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ විසින් පැය භාගයකට  කල් දැමුවා.

මෙම කාන්තාව අද උදැසන 8 30 ට පමන අධිකරණ භුමියේදොරටුවේදී කලබැනියක් කර පොලිස් කාන්තාවකටද බැන වැදී,  සැමියාටද පහරදී අධිකරණ ශාලාවට ඇතුලුවී සිටියා.

ඇය අධිකරණයට පැමින සිටියේ ඇගේ සැමියා සම්බන්ධ නඩුවකට බවයි අප වාර්තාකරු කියා සිටියේ.

සැරයන්වරයාට පහරදීමෙන් පසුව ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් නිළධාරීන් කටයුතු කළා.

ඇයව අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව  ඇය උමතු රෝගයකින් පෙලෙන බවට සැක පහල වූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

ඇයව රක්ෂිත බන්ධනාගාරගත කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඇයව මානසික රෝහල වෙත ඉදිරිපත් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස බන්ධනාගාර නිළධාරීන්ට නියම කර තිබෙනවා.

පාණදුර- කපිල සෝමරත්න
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
468 Views
3,667 Views
4,401 Views
3,634 Views
16 Views
34,808 Views
Top