Hirunews Logo
%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%8B%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%2C%E0%B6%9A%E0%B6%B1%2C%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%81%E0%B7%9B%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
Thursday, 12 October 2017 - 17:34
ප්‍රථමවරට සිදුකළ උගුර,කන,නාසය සම්බන්ධ ශෛල්‍යකර්මයක් අති සාර්ථකයි
4,195

Views
ආසාත්මිකතා සහ ස්වරාලයේ සැත්කම්, උගුරෙහි ඇතිවන පිළිකා තත්ව ඇතුලූ සියලූම උගුර කන නාසය සම්බන්ධ සැත්කම් රුධිර වහනයකින් හා වේදනාවෙන් තොරව සිදුකිරීමේ කොබ්ලේශන් නැමැති ශෛල්‍යකර්මය ප්‍රථමවරට කුලියාපිටිය මූලික රෝහලේ අති සාර්ථකව සිදුකිරීමට හැකිවූ බව උගුරු කන හා නාසය පිලිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් පවසනවා.

අද (12) එම සැත්කමට මුහුණ දුන්නේ වයස අවුරුදු 7ක් හා 12ක් වූ දරුවන් දෙදෙනෙකුයි.

කොළඹින් පිටපළාතකදී අදාළ සැත්කම කළ ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.

ඔහු පෙන්වා දෙන්නේ සාමාන්‍ය සැත්කමකදී රෝගියාගේ රුධිර වහනය බහුල වුවත් මෙම ක්‍රමය මගින් කිසිදු වේදනාවකින් තොරව රුධිරවහනය අවම මට්ටමේ පවත්වා ගනිමින් සැත්කම සිදුකිරීමට හැකි බවයි.

සැත්කමෙන් පසුව සාමාන්‍ය පරිදි රෝගියාට කෑම බීම ආදී එදිනෙදා අත්‍යාවශ්‍ය කටයුතුවල නිරත වීමටද හැකියාවක් ලැබෙන බව ඔහු ප්‍රකාශ කළා.

පැරණි ක්‍රමයේදී උෂ්නත්වය සෙල්සියස් අංශක 90ක පමණ වුවත් මෙම ක්‍රමයේදී උෂ්නත්වය සෙල්සියස් අංශක 40ට අඩු වීම හේතුවෙන් රෝගියාට කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බවද සඳහන්.

රෝගීන් උගුර වැනි ස්ථානයක සැත්කමකට බිය වූවත් රුධිර වහනයෙන් හා වේදනාවෙන් තොරව වාෂ්පීයකරණය සමගින් සිදුකරනු ලබන මෙම සැත්කමට කිසිදු බියක් ඇතිකර ගතයුතු නොවන අතර මෙවැනි රෝග සඟවාගෙන නොසිට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසට විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.



ඡායාරූප - කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
870 Views
6,053 Views
5,163 Views
4,640 Views
258 Views
38,096 Views
Top