Hirunews Logo
%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Thursday, 12 October 2017 - 17:38
සම්බන්ධන්, ජනපතිට හා අගමැතිට ලියයි
2,883

Views
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂනායක ආර්.සම්පන්දන් මන්ත්‍රීවරයා අද (12) ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවා තිබෙනවා.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ආරක්ෂක අංශ වධ බන්ධනයට ලක් කොට ලබාගත් පාපොච්චාරණයන් ඔස්සේ ඔවුන්ට චෝදනා ඉදිරිපත් කිරීම අසාධාරණ ක්‍රියාවක් බවයි.

දේශීය හා ජාත්‍යන්තර නීති රෙගුලාසිවලට අනුවද, ජගත් මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශයන්ට ද අනුව ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට බැදී සිටින අතර එවැනි පසුබිමක් මත දැනට වසර ගණනාවක්ම අත් අඩංගුවේ තබාගෙන සිටින පිරිසට එරෙහිව නීති මගින් කටයුතු කොට ඔවුන්ව නිදහස් කිරීමට පියවර ගත යුතුව ඇතැයිද එම ලිපියේ සදහන් කර තිබෙනවා.

රජය මගින් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කොට එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 12000 ක් පමණ නිදහස් කළ අවස්ථාවේදී ඉතාම දරුණු අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් ඒ අතර සිටි නමුත් දැනට අත්අඩංගුවේ සිටින පිරිස් අතර සිටින්නේ සැකකරුවන් පමණක් බවද ආර්.සම්පන්දන් මන්ත්‍රීවරයාගේ ලිපියේ සඳහන්.

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් වෙත පොදු සමාවක් ලබාදුන් ආකාරයට මේ පිරිසටද පොදු සමාවක් ලබාදිය හැකි බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ එය එසේ තිබියදී වවුනියාව මහාධිකරණයේ එල්.ටී.ටී.ඊ.සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ඇති නඩු විභාග, සාක්කිකරුවන්ට ආරක්ෂාවක් නොමැති බව කියමින් අනුරාධපුර මහාධිකරණය වෙත මාරු කිරීම යුක්ති සහගත නොවන බවයි.

මෙම දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය නිසා උතුරු ප්‍රදේශය තුළ හර්තාල් ව්‍යාපාර හා විරෝධතා දිගින් දිගටම සිදුවන තත්ත්වයක් පෙනෙන්නට ඇති හෙයින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම රටේ අවශ්‍යතාවයක් ලෙස සලකා ඊට යම් පියවරක් අනුගමනය කරණ මෙන් ආර්.සම්පන්දන් මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබෙනවා.

ආර්.සම්පන්දන් මන්ත්‍රීවරයා විසින් එම ලිපියේ පිටපතක් අධිකරණ අමාත්‍යවරිය වෙතද යොමු කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
473 Views
6,531 Views
5,318 Views
4,882 Views
37 Views
38,671 Views
Top