Hirunews Logo
%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 12 October 2017 - 17:45
බිරිඳ සමග ලිංගිකව හැසිරීම ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
80

Shares
9,659

Views
බිරිඳ සමග වුවත් ලිංගිකව හැසිරීම ස්‌ත්‍රී දූෂණයක්‌ වන අවස්ථාවක් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දීමක් කර තිබෙනවා.

වයස 18 ට අඩු නම් බිරිඳ සමග වුවත් ලිංගිකව හැසිරීම ස්‌ත්‍රී දූෂණයක්‌ බවයි එයින් පැවසෙන්නේ.

බිරිඳ වුවත් ඇය වයස 15-18 අතර වයසක නම් ඇය සමග ලිංගිකව හැසිරීම දඬුවම් ලැබිය හැකි අපරාධයක්‌ බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(11) තීන්දු කර තිබෙනවා.

මේ අතර ඉන්දියාව පුරා සිදුවන ළමා විවාහ තහනම් කිරීමට මධ්‍යම රජය මැදිහත් විය යුතු බවයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත්තේ.

වයස 15-18 අතර බිරිඳක්  සමඟ ලිංගික එක්‌වීම වරදක් නොවන බව ඉන්දීය ව්‍යවස්ථාවේ ඇතුළත් කරුණක් බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

කෙසේ වෙතත්  මෙය  සංශෝධනය කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබුනා.

අදාළ පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුවයි එම වගන්තිය සංශෝධනය කරන ලෙස තීන්දු කර තිබෙන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top