Hirunews Logo
%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
Thursday, 12 October 2017 - 18:19
දුම්රිය වර්ජනය අවසන්
3,441

Views
ඊයේ රාත්‍රියේ හදිසියේ ආරම්භ කෙරුනු දුම්රිය රියදුරන්ගේ වර්ජනය තාවකාලිකව අවසන් කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම්වරයා සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවයි.

මෙම සාකච්ඡාවේදී ගැටලුවලට විසඳුම් ලබාදෙන බවට ජනාධිපති ලේකම්වරයා ලිඛිතව පොරොන්දු වු බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේ.

ගැටලු විසඳීම සඳහා කමිටුවක් ද පත්කරන බවට ලේකම්වරයා ප්‍රකාශ කළ බව ඔවුන් කියාසිටියා.

මේ අතර අද පස්වරුවේ කොටුව සිට මහව බලා යන දුම්රිය / මරදාන සිට අලුත්ගමට සහ මරදාන සිට අවිස්සාවේල්ල බලා ධාවනය වන දුම්රිය ධාවනය කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

කෙසේවෙතත් අද රාත්‍රී තැපැල් දුම්රියන් ධාවනය නොවන බවයි පාලක මැදිරිය කියාසිටියේ.

මේ අතර හෙට පෙරවරුවේ සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය ගමනාගමන අධිකාරීවරයා සඳහන් කළා.

ඊයේ පස්වරුවේ මෙම වර්ජනය ආරම්භ කළේ එන්ජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවක් මුල්කර ගනිමිනුයි.

හදිසි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ - කොටුවෙන් හා මරදානෙන් ආරම්භ වන දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරුණා.

මෙම තත්ත්වයත් සමග දුම්රිය මගීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීමෙන් කොළඹ - කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ඊයේ රාත්‍රියේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමය එක්වයි.

එන්ජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කළ බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළා.

දුම්රිය රියදුරන්ගේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයත් සමග දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමෙන් මගීන් පත්වූයේ දැඩි අපහසුතාවයකටයි.

මරදාන දුම්රිය ස්ථානයේ ද නොසන්සුන්කාරීව හැසිරුණු මගීන් හේතුවෙන් උද්ගත වූයේ උණුසුම් තත්ත්වයක්.

තත්ත්වය පාලනය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද දුම්රිය ස්ථානය වෙත කැඳවනු ලැබුවා.

මේ අතර දුම්රිය වර්ජනයෙන් සිදුවන අපහසුතා වලක්වාලීමට සියලු ලංගම සේවක නිවාඩු අවලංගු කළ බව ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළා.

අද දහවල් දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ මාතර සිට කොළඹ දක්වාත්, අවිස්සාවේල්ල සිට කොළඹ දක්වාත්, පොල්ගහවෙල සහ මහව සිට කාර්යාල දුම්රිය කොළඹ දක්වා ධාවනය වන බවයි.

හැකි පරිදි දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බවයි දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
717 Views
6,996 Views
6,013 Views
6,239 Views
403 Views
8,509 Views
Top