Hirunews Logo
%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Friday, 13 October 2017 - 7:28
තායිවාන බැංකු කොල්ලයේ තොරතුරු රැසක් එලියට
23

Shares
2,841

Views
තායිවාන බැංකු කොල්ලයේ තොරතුරු රැසක් එලියට" - තවත් ලක්ෂ 1094 ක් මෙරට බැංකු ගිණුම්වල"

තායිවානයේ ෆා - ඊස්ටන් බැංකුවේ මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තායිවාන බැංකුවෙන් මෙරටට ප්‍රේෂණය කළ ලක්ෂ 1094 ක මුදලක් දැනට සොයාගෙන ඇති බවයි.

පරිඝනක වෛරසයක් ඇතුළු කිරීමෙන් තායිවාන ෆා - ඊස්ටන් බැංකුවට අනවසර පිවිසීම සිදුකර ඇති අතර එහිදී  ඩොලර් මිලියන 60කට අධික මුදලක් වෙනත් ගිණුම්වලට බැර කර ඇති බවටයි මෙතෙක් සිදුකර ඇති පරික්ෂණ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

ඉන් ඩොලර් මිලියන 1.3ක් එවා ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

එම මුදලින් රුපියල් ලක්ෂ 300 ක් ජේ.සී. නම්මුනි නැමැති සැකකරුගේ ගිණුමට බැර වී ඇති අතර ඔහු විසින් ලක්ෂ 150 ක මුදලක් ඉන්දියානු සමාගමකට බැර කර ඇති බවට රහස් පොලිසිය මෙතෙක් සිදු කළ පරික්ෂණවලදී හෙළි වී තිබෙනවා.

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුලූවී මුදල් ඉවත් කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ සහ ජේ.සී. නම්මුණි නැමති සැකකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර, දූෂණ විරෝධී හඬ සංවිධානය ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, එහිදී ද මේ පිළිබඳව අදහස් පළ වුණා.

ඊට එක්වෙමින් අදහස් දැක්වූ එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ

- දැන් අලුත් සෙල්ලම් පටන් අරන් තියෙන්නේ මේ ආණ්ඩුව. විජාතිකයින් ගෙනල්ලා රාජ්‍ය අයතනවල සභාපතිවරු අධ්‍යක්ෂවරු මණ්ඩලවලට දාමින් යනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහ දවල් මහ බැංකුව කැඩුවා. ඔහු සිංගප්පූරු පුරවැසියෙක්. හංසයා පක්ෂයේ සභාපති රවී කරුණානායක මහත්තයා ඉන්නකොට දාපු සභාපතිවරයා ලිට්රෝ ගෑස් සමාගමේ තායිවානයේ බැංකුවක් කඩලා. ලිට්රෝ ගෑස් එකේ සල්ලි කොහේ ගිහිල්ලද කියලා හොයන්න වෙන්නේ දැන් අලුත් පරීක්ෂණයක් කරන්න වෙනවා. ගෑස් කිලෝ එකකින් ඩොලර් ශත 10 ගානේ තියාගත්තානම් කෝටි ගාණක සල්ලි. ඒ නිසා මේ පුද්ගලයෝ ගෙනාපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. බැඳුම්කර වංචාව පිළිබඳ කාරණයේදී අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේ සභාපතියි ලේකමුයි කොමිසමට යනවා. එක්සත් ජාතික පක්ෂය සහ එහි විශාල පිරිසක් බැඳුම්කර වංචාවේ කොටස්කරුවන් බවට සම්බන්ධයි කියලා තහවුරු වෙමින් තිබෙනවා. නොහිතපු ආකාරයට විවිධ පුද්ගලයින්ට ජනාධිපති කොමිසම ඉස්සරහට යන්න සිද්ධවෙලා. දැන් හරිනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමහර පැමිණිලි ගන්න ඕන. දැන් රවී කරුණානායක මහත්තයාගේ නෝනට කොහොමද සල්ලි දුන්නේ කියලා පරීක්ෂණයක් යන්න ඕන.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
522 Views
6,796 Views
5,998 Views
6,183 Views
357 Views
8,302 Views
Top