Hirunews Logo
%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Friday, 13 October 2017 - 8:02
දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා උතුරේ හර්තාල් (ඡායාරූප)
1,554

Views
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරමින් දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් අද (13) උතුරු පළාතේ හර්තාලයක් ආරම්භකර තිබෙනවා .

උතුරු පළාතේ දේශපාලන පක්ෂ නියෝජිතයින් පැවසූවේ දෙමළ ජාතික සන්ධානය, විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාව සංවිධානය ඇතුලු දේශපාලන සංවිධාන 19 ක් සිවිල් සංවිධාන 50 ක් අදාළ හර්තාලය වෙනුවෙන් සහයෝගය පළකොටඇති බවයි.

වවුනියාව,යාපනය, මන්නාරම,කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයේ වෙළඳසැල් වසා දමා හර්තාලය පැවැත්වෙනවා.

හර්තාලයට සහයෝගය පළ කරමින් උතුරු පළාත පුරා ධාවන කරන අන්තර් පළාත් පෞද්ගලික බස් රථද ධාවනයෙන් ඉවත්වී සිටින බවයි මේ වනවිට වාර්තා වන්නේ.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට රජය අවස්ථා ගණනාවකදී පොරොන්දු ලබාදුන්නද අදාළ පොරොන්දු මෙතෙක් ඉටු නොකිරීම කණගාටුවට කරුණක් වන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා ප්‍රකාශකළා.

ආනන්දන් මහතා පැවසූවේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජය වහාම පියවර ගත යුතු බවයි.




රතුගමගේ / වවුනියාව මාධව කුලසූරිය / වන්නි රොමේෂ් මධුශංක
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
568 Views
6,605 Views
5,360 Views
4,911 Views
66 Views
38,769 Views
Top