Hirunews Logo
%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Friday, 13 October 2017 - 8:19
තනතුරෙන් ඉවත් කිරීම දේශපාලන ගමන් මගේ නව ආරම්භයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම කියයි
18

Shares
2,222

Views
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුගම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම තම දේශපාලන ගමන් මගේ නව ආරම්භයක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

මහින්දානන්ද අලූත්ගමගේ සහ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරුවලින් ඉවත් කිරීමට ඊයේ පියවර ගෙන තිබුණා.

ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

ඒ අනුව, නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තනතුර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට අහිමි වන අතර, නව සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච්.ඒ.රණසිංහයි.

මතුගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක කුමාර වෙල්ගම ඉවත් කිරිමත් සමඟ ඒ සඳහා නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමතිනි සුමිත්‍රා ප්‍රියාංගනී අබේවීර පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් යළි ඇගයීමක් ඊයේ සිදුකර ඇති අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නව සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදී ඇති බව සඳහන්.

එහිදී කැපී පෙනෙන සිදුවීමක් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස පක්ෂයේ අනුශාෂිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පත් කිරීමයි.

මෙහිදී නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් බොහෝ දෙනෙකුට එම තනතුරු යළි හිමිවී ඇති බව සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් 50 දෙනෙකු ද ඊයේ (12) දිනයේදී පත් කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
959 Views
4,084 Views
4,524 Views
3,839 Views
70 Views
35,397 Views
Top