Hirunews Logo
%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
Friday, 13 October 2017 - 15:59
හොරණ මූලික රෝහලේදී තුන් නිවුන් දරු උපතක්
17,297

Views
හොරණ මූලික රෝහලේදී ඊයේ (12) දහවල් තුන් නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ එම රෝහලේ සිදුකළ ප්‍රථම තුන් නිවුන් දරු උපත මෙය වන අතර එහිදී සිසේරියන් සැත්කමක් මගින් පුතුන් දෙදෙනෙකු සහ දුවෙකු මෙලොව එළිය දුටු බවයි.

මේ වනවිට එම බිළිඳුන් නොමේරූ ළදරු ඒකකයේ සුවෙන් සිටින බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

19 හැවිරිදි බී. වී. විශ්මි මේඛලා නමැති මෙම මව බුලත්සිංහල කෙලින්කන්ද ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර පියා 21 හැවිරිදි රසන් නිමේෂ් යන අයයි.

ඔහු එම ප්‍රදේශයේම අවන්හලක සේවය කරන බව සඳහන්.

මව පවසා සිටින්නේ ඊයේ (12) දහවල් ඇයට වේදනාව ඇතිවූ මොහොතේ බුලත්සිංහල ග්‍රාමීය රෝහලට රැගෙන ගිය බවත් පසුව හොරණ මූලික රෝහලට මාරුකරන තෙක් තමන්ගේ කුසෙහි දරුවන් තිදෙනෙකු සිටි බවක් නොදැන සිටි බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
280 Views
12 Views
5,375 Views
3,783 Views
453 Views
13,042 Views
Top