Hirunews Logo
%E0%B6%86%E0%B6%AB%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Friday, 13 October 2017 - 17:52
ආණමඩුව නව සංවිධායක ඉදිරි සැලසුම පැහැදිළි කරයි
4,314

Views
තමන් ගැන විශ්වාසය තැබූ ජනපති ඇතුළු ශ්‍රීලනිප නායකයන්ගේ ගෞරවය රැකෙන ලෙස විදුහල්පතිවරු, ආචාර්යවරු එක් කරගෙන ආනමඩුව ජය ගන්නා බව, ආනමඩුව නව ශ්‍රීලනිප ආසන සංවිධායක ලෙස පත් වූ ආනන්ද සරත් කුමාර පවසනවා.

පළාත් සභා මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ නව ධුරය ගැන හිරු කළ විමසිමකදියි.

ඔහු රට පුරා මහත් කතා බහට ලක්වුයේ ගුරුවරියක් දණ ගැස්වීමේ සිද්ධියත් සමගින්.

ඊට වැරදිකරු වූ ඔහුට පුත්තලම මහාධිකරණය වසර හතකට අත්හිටවු වසර දෙකක බරපතල වැඩසහිත සිර දඩුවම් නියම කෙරුණා.

රුපියල් 50 000ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා, පැමිණිලිකාරිය වන සුසිලා හේරත් ගුරුවරියට ලක්ෂ 3 ක වන්දි මුදලක්ද ගෙවන ලෙසයි නියෝග කළේ.

2013 වසරේ ජූනි මස 14 වැනිදා පාසල් පරිශ්‍රය තුළ දණගස්සවා අදාළ ගුරුවරියට අඩම්තේට්ටම් කළ බවට හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

මේ අතර කෑගල්ලේ අද(13) පැවති උත්සවයකින් අනතුරුව එජාප මහා ලේකම් අමාත්‍ය කබීර් හසීම් කියා සිටියේ පෙර පාලන කාලයේ ගුරුවරුන් දණ ගැස්වීම වැනි දේ දැන් සිදු නොවන බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
704 Views
6,711 Views
5,397 Views
4,947 Views
111 Views
38,926 Views
Top