Hirunews Logo
%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Friday, 13 October 2017 - 17:49
සුපිරි යතුරු පැදියේ ගිය තරුණයෙකු පානදුරේ දී පැහැරගෙන යයි (ඡායරූප)
5,396

Views
සිය නිවසේ පැවැති උපන්දින සාදය සදහා රුපියල් හාර ලක්ෂඅසුදහසක් වටිනා නවීන පන්නයේ යතුරු පැදියක් පදවා ගෙන කිරිපැකට් ගෙන ඒමට නිවසේ සිට පාණදුර හිරන පාරේ වෙළද සැලකට ගිය 16 හැවිරිදි හල්ෂාන් ධනුෂ්ක සපරමාදු නැමති සාසල් සිසුවා සංවිධානාත්මක කොල්ලකල්ලියක් විසින් එදින  දහවල් පැහැර ගෙන ගොස් ඇතැයි වාර්තා වනවා.

 මේ නිසා 11 වන දා පැවති ඔහුගේ 16 වැනි උපන් දිනය සැමරිම  සදහා පැවති උත්සවයද මේ නිසා කඩා කඩාකප්පල් වුනා.

අද වනතුරු මෙම දරුවා ගැන කිසිම තොරතුරක් ඔහුගේ දෙමාපියන් වෙත ලැබී නැති අතර  ඔහුගේ පියාවු අසේල සපරමාදු විසින් පාණදුර දකුණු පොලිසියට මේ සිද්ධිය ගැන පැමිනිලි කර තිබෙනවා.

සිද්ධිය ගැන හා ඔහු සොයා ගැනීමට සහාය වන ලෙස ඔහුගේ අක්කා ඇගේ ෆේස් බුක් ගිණුමේ සටහනක් දමා තිබුනා.

"අනේ යාලුවේ .මේ ඉන්නෙ මගෙ මල්ලි. මෙයාගෙ උපන්දිනේ තිබුනෙ ඔක්.11. තාම අවුරුදු 16 යි. එදා හවස 4.30ටවිතර කඩේට ගියෙ කිරිපැකට් එකක්ගේන්න.ඒත් මේ වෙනකම් ගෙදර ආවෙ නෑ.අදට දවස් 3ක්. පොලිසියෙත් පැමිණිලි කලා. හැමතැනම බැලුවා.ඒත් තාමත් කිසි තොරතුරක් නෑ..මෙයා බොන්නෙ නැහැ.හැමදාම බුදුපහන තියනව.නිර්මාංශ යි වගේම නිදාගන්නකොට පිරිත් අහනවාමයි.
මේ සැරේ අ.පො.ස. සා/පෙල ටත් පාඩම් කර කර ඉන්න ගමනුයි කඩේට ගියෙ."

"අනේ යාලුවෙ ඔයාට කරදරයක් නැත්නම් ටිකක් මේ පින්තූරෙ දිහා බලන්න.බලල මෙයාව කොහේදි හරි දැක්කද බලන්න. අනේ මෙයා ගැන තොරතුරක් හොයන්න පුලුවන්නම්. මෙයාව හොයල දෙන කෙනාට මුදලින් තෑග්ගකුත් දෙන්න ඉන්නෙ. පින් සිද්ද වෙයි .මේ මැසේජ් එක කරදරයක් කියල හිතනෙපා. තෙරුවන් සරණයි ජේසු පිහිටයි. තොරතුරක් ලැබුනොත් 0757405327 ට හරි ලගම පොලිසියට හරි දන්වන්න.."

නම හුල්ශාන් ධනුශ්ක සපරමාදු

ගෙවල් පානදුර ගල්තුඩේ.

අන්තිමට ඇදන් හිටියෙ නිල් කොටු කොටු ශර්ට් එකයි නිල් ඩෙනිමයි.

ෆෝන් එකක් අරන් ගිහින් නැහැ.

ලග කඩේකට නිසා ගෙදර FZ වර්ගෙ බයික් එකේ ගියෙ. වෙනදටත් එයා එකෙ යනව.
WP BFN 5802 බයික් එකත් නෑ මල්ලිත් නෑ.. බයික් එක නැතත් මල්ලිවයි ඕනෙ..

මම එයාගෙ අක්කා
නෙතූ නටාශා."

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
608 Views
6,899 Views
6,007 Views
6,210 Views
386 Views
8,417 Views
Top